Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ මහනුවර ක‍්‍රීඩා සමාජය සහ පොලිස් පිල අතර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (05) පැවැති තරගයෙන් මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 50-13 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
මහනුවර පිල මෙවර තරගාවලියේ පිට පිටම ලැබූ තෙවැනි ජයග‍්‍රහණය මෙය වේ.
ජයග‍්‍රාහි මහනුවර පිලට ගෝල 6 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු වූ අතර පොලිස් පිල උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.
මහනුවර ක‍්‍රීඩකයෝ සුපුරුදු පරිදි ආරම්භයේ සිටම පොලිස් පිල ඇද බැද තබා ගැනීමට සමත් වූහ. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 29-3 ක් ලෙස මහනුවර පිල පෙරමුණේ සිටියේය.
පළමු අර්ධයේ සිවුවැනි මිනිත්තුවේදී පොලිස් පිලට ලැබුණු දඩුවම් පහර රීසා මුබාරක් සාර්ථක කිරීමත් සමග පොලිසියට ලකුණු 3 ක් එකතු වෙමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක විය.
සයුරු ඇන්තනී හයවැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට අර්ෂාඞ් ජමාල්ඞීන් අතිරේක ලකුණු 2 ක් එක්කිරීමත් සම`ග මහනුවර පිල ලකුණු 7-3 ක් ලෙස පෙරමුණට පැමිණියේය. එතැන් සිට කිසිදු අවස්ථාවක පොලිස් පිලට හිස එසවීමට නොහැකි විය.
මහනුවර පිල දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 21 ක් රැස්කරමින් ජයග‍්‍රහණය පහසු කරගත්තේය.
නායක ෆාෂිල් මරීජා උත්සාහක දිනුම් තුනක් සම්පූර්ණ කරමින් මහනුවර පිලේ ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්විය. අර්ෂාඞ් ජමාල්ඞීන්, විශ්වමිත‍්‍ර ජයසිංහ සහ රසික ජයවර්ධන උත්සාහක දිනුම බැගින් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාවට එකතු කිරීමට සමත් වූහ.
අර්ෂාඞ් ජමාල්ඞීන් ගෝල ප‍්‍රවර්ථන 6 කින් සහ දඩුවම් පහරකින් අතිරේක ලකුණු 15 ක් මහනුවර පිලට එකතු කළේය.
බිලාල් හසන් සහ සුදම් සූරිආරච්චි, පොලිස් පිල වෙනුවෙන් උත්සාහක දිනුම් දෙක සම්පූර්ණ කළහ.
මහනුවර ක‍්‍රීඩා සමාජය සහ පොලිස් පිල අතර රග්බි තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.