Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby මහනුවර පිල අපරාජිත වාර්තාව රැකගනී

මහනුවර පිල අපරාජිත වාර්තාව රැකගනී

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තරග ආරම්භ කරමින් ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (18) පස්වරුවේ පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 22-16 කින් සී. ආර්. පිල පරාජය කිරීමට සමත් වූහ.

මහනුවර පිල මෙම ජයග‍්‍රහණයත් සමඟ පිට පිටම පස්වැනි ජයත් ලබමින් අපරාජිත වාර්තාව රැුකගැනීමට සමත්ව සිටියි.

සී. ආර්. පිල තරගයේ අවසන් මිනිත්තුව දක්වා ලකුණු 16-15 ක් ලෙස පෙරමුණේ පසුවිය. මහනුවර පිලේ ෆ්ලෑන්කර් ක‍්‍රීඩක හේෂාන් කල්හාර අවසන් මිනිත්තුවේ සම්පූර්ණ කළ උත්සහක දිනුමත් සමඟ ලකුණු 22-16 ක් ලෙස මහනුවර පිලට ජය හිමිවිය. මහනුවර පිල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. සී. ආර්. පිලට ගෝලයකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු එකතු විය.  

සී. ආර්. පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 9-3 ක් ලෙස ප‍්‍රබල මහනුවර පිල ඇද බැද තබා ගැනීමට සමත්ව සිටියේය. මහනුවර පිල වෙනුවෙන් ලවන්ග පෙරේරා උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කළේය. අර්ෂාඞ් ජමාල්ඞීන් ගෝල ප‍්‍රවර්ථන දෙක සහ දඩුවම් පහර සාර්ථක කරමින් අතිරේක ලකුණු 7 ක් එකතු කිරීමට සමත් විය.

ශෂාන් මොහොමඞ්, සී. ආර්. පිලට එකම උත්සාහක දිනුම එකතු කළේය. ප‍්‍රින්ස් චාමර ගෝල ප‍්‍රවර්ථනය සහ දඩුවම් පහර තුන සාර්ථක කිරීමට සමත් විය. තරගය ආරම්භ වීමට පෙර ඇද හැලූණු අධික වර්ෂාව මෙම තරගයේ ප‍්‍රතිඵලයට දැඩි බලපෑමක් කළේය. ක‍්‍රීඩාංගණයේ තෙත බරිත ස්වභාවය හේතුවෙන් ක‍්‍රීඩකයෝ ආරක්‍ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් උත්සාහක දිනුම් සංඛ්‍යාව පහත වැටුණි.

මහනුවර ක‍්‍රීඩා සමාජය මෙවර තරග පහේදී අඩුම ලකුණු සංඛ්‍යාවකින් ජය ලැබූ තරගය ද මෙය වේ.

 


අදහස් (0)

මහනුවර පිල අපරාජිත වාර්තාව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.