Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby හැව්ලොක්ස් 26-13 කින් ගුවන් හමුදා පරදවයි

හැව්ලොක්ස් 26-13 කින් ගුවන් හමුදා පරදවයි

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතියේ අවසන් තරගය ලෙස හැව්ලොක්ස් පිටියේදී අද (13) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයේදී හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 26-13 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

හැව්ලොක්ස් පිල මේ වන විට සහභාගි වූ තරග හතරම ජය ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තවදුරටත් රැකගැනීමට සමත්ව සිටියි.

ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල ගෝල 3 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය. ගුවන් හමුදා පිල ගෝලයකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු එකතු කර ගත්තේය.

හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-3 ක් ලෙස ලකුණු 16 කින් ඉදිරියේ පසු විය. හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 7 ක් පමණක් ලබා ගත්තේය.

හැව්ලොක්ස් පිල වෙනුවෙන් ප‍්‍රසාද්, රාහුල් ද සිල්වා, තුසිත සහ සමන්ත ලක්‍ෂාන් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ. රිස්වි ජමාල්ඞීන් ගෝල ප‍්‍රවර්ථන තුනක් සාර්ථක කළේය.    

 


අදහස් (0)

හැව්ලොක්ස් 26-13 කින් ගුවන් හමුදා පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.