Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic කොළඹ දකුණ ක්‍රීඩකයෝ ශූරතාව දිනති
17 න් පහළ යොවුන් ලීග් තරගාවලිය

කොළඹ දකුණ ක්‍රීඩකයෝ ශූරතාව දිනති

editorial - 2024 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

රෙහාන් පීරිස් (52) සහ විමත් දින්සර (77) දෙදෙනාගේ දස්කම් මත සිටගත් කොළඹ දකුණ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ වයස 17 න් පහළ යොවුන් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත්හ. ඊයේ (සිකුරාදා) අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කොළඹ දකුණ කණ්ඩායම විසින් මහනුවර පිල කඩුලු 6 කින් පරාජය කරන ලදි. 

තරගයේ වීරයා ලෙසින් විමත් දින්සර සම්මාන දිනාගත් අතර කොළඹ දකුණ කණ්ඩායම ජය මාවතට කැඳවාගෙන ඒමට ආරම්භක පිතිකරු රෙහාන් පීරිස් සාර්ථක දායකත්වයක් දුන්නේය. 

කොළඹ දකුණ ක්‍රීඩකයන්ට තිබුණේ ලකුණු 193 ක පහසු ඉලක්කයකි. 

ආරම්භක පිතිකරු සුහස් ප්‍රනාන්දු (35) සමගින් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ රෙහාන්, අංක 3 පිතිකරුවා වූ විමත් දින්සර සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණ 59 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. රෙහාන් පිටියෙන් ඉවත් වන විට කොළඹ දකුණ ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 51 කි. 

නායක විමත් දින්සරගේ ප්‍රවේගවත් පිතිහරඹයද කොළඹ දකුණ ජයග්‍රහණයට විශාල බලපෑමක් කළේය. රෙහාන්ගේ දැවී යාමෙන් පසුව අසීරුතාවකින් තොරව සිය කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගිය නායක විමත් දින්සර පන්දු 65 කින් ලබාගත් ලකුණු 77 ට හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය. 

තරගාවලියේ දක්‍ෂතම පිතිකරුවා වශයෙන් දුල්නිත් සිගේරාත්, තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා වශයෙන් මහනුවර නායක කවීජ ගමගේත් සම්මාන දිනාගත්හ. ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුවේ ලේකම් කසුන් ප්‍රනාන්දු මහතා විසින් ත්‍යාග ප්‍රදානය කරන ලදි. 


මහනුවර - ඕවර 38.2 කදී සියලු දෙනා දැවී 192 යි
(කෞෂික කුමාරසිංහ 47, කාශ්‍යප දිසානායක 13, දිමන්ත මහවිතාන 19, කළණ හේරත් 13, සෙත්මික සෙනෙවිරත්න 14, ඇඩම් හිල්මි 42, කෙනුල පිහිලියංග නොදැවී 19, රන්දීෂ බණ්ඩාරනායක 29/3)

කොළඹ දකුණ - ඕවර 35.4 කදී කඩුලු 4 ට 193 යි
(රෙහාන් පීරිස් 52, සුහස් ප්‍රනාන්දු 35, විමත් දින්සර 77, දිනෙත් සිතුමිණ 18, රයන් ග්‍රෙගරි 34/2)


අදහස් (0)

කොළඹ දකුණ ක්‍රීඩකයෝ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.