Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 61 ක් නිමාවට පත්වන විට අපරාජිතව සිටින එකම කණ්ඩායම බවට පත්වීමට සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.) සමත් විය.
මේ වන විට තරග 6 කට සහභාගි වී ඇති එස්.එස්.සී. කණ්ඩායම ඉන් තරග 5 ක් ජයගෙන ලකුණු 11 ක් ලබා ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. එස්.එස්.සී. කණ්ඩායම සහභාගි වූ සෙසු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවූ අතර ඔවුන්ට මූලික වටයේ තවත් තරග 4 ක් ඉතිරිව තිබේ.
මේ අතර ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය සමත්ව ඇති අතර තරග 7 කට සහභාගි වී ඇති ඔවුන් ඉන් තරග 4 ක් ජයගෙන, එක් තරගයක් පරාජයට පත්වී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 10 කි. ඔවුන් සහභාගි වූ තරග 2 ක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
මීගමුව, කෝල්ට්ස්, මුවර්ස් සහ රාගම යන ක්‍රීඩා සමාජය ජයග්‍රහණ 3 බැගින් ලබා ලකුණු 7 කට බැගින් හිමිකම් කියන නමුත් ශුද්ධ ලකුණු වේගය අනුව පිළිවෙලින් ඔවුහු ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි, තෙවැනි, සිවුවැනි සහ පස්වැනි ස්ථානවල රැදී සිටිති.
නුගේගොඩ ක්‍රීඩා සමාජය ජයග්‍රහණ 3 ක් සමග ලකුණු 8 ක් ලබා ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. හලාවත මේරියන්ස් සහ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජ ලකුණු 7 බැගින් ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගයන් අනුව ඔවුන්ට පිළිවෙලින් ‘බී’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.