Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට දවාගැනීමේ වාර්තාවට හිමිකම් කීමට එන්.සී.සී පිල ඉරිදා (28 වැනිදා) සමත්විය. එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය ලකුණු 30 කට සීමාකරමින් මෙම වාර්තාව තැබීමට එන්.සී.සී පිලට හැකිවිය.
කෝල්ට්ස් පිල විසින් 2012/2013 තරග වාරයේදී සැරසන්ස් පිල ලකුණු 19 කට සීමාකරමින් අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමේ වාර්තාවට හිමිකම් කියයි. එම ලකුණු සංඛ්‍යාව ලෝක අන්තර් සමාජ ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවීගිය කණ්ඩායම් අතර දෙවැනි ස්ථානය ගත්තේය.
ලකුණු 30 කට දැවීයාමත් සමගින් ලෝක අන්තර් සමාජ ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවීගිය කණ්ඩායම් අතර 6 වැනි ස්ථානය ගත් කණ්ඩායම බවට ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පත්විය. බටහිර ඉන්දීය කෙදෙව් වයස 19 න් පහළ කණ්ඩායම ලකුණු 18 කට සීමාකරමින් ලෝක අන්තර් සමාජ ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමේ වාර්තාවට බාර්බඩෝස් කණ්ඩායම හිමිකම් කියනු ලැබේ.
පළමුව පන්දුවට පහරදුන් එන්.සී.සී පිල ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 260 ක් රැස්කළ අතර චාමික කරුණාරත්න පන්දු 51 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 63 ක් ලබාගත්තේය. කමිල් මිෂාර ලකුණු 40 ක් සහ ඇන්ජලෝ පෙරේරා ලකුණු 47 ක් රැස්කරමින් එන්.සී.සී පිල ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. කවිඳු රිද්මාල්, චානක කොමසාරූ සහ ශශ්‍රීක පුස්සේගොල්ල කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 261 ක ඉලක්කයක් හඹාගිය ඒස් කැපිටල් පිලට ඕවර 19.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 30 ක් පමණි. ලකුණු 8 ක් ලබාගත් නායක යොහාන් ද සිල්වා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක චතුරංග ද සිල්වා ඕවර 9.3 ක් යවමින් නිලකුණු ඕවර 3 ක් සමගින් ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගත්තේය. ළහිරු කුමාර කඩුලු 2 ක් ද, අශේන් ඩැනියෙල් සහ ඇන්ජලෝ පෙරේරා කඩුල්ල බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.