Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ඒස් කැපිටල් ලකුණු 46 කට දැවී යයි

ඒස් කැපිටල් ලකුණු 46 කට දැවී යයි

editorial - 2022 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (12 වැනිදා) පැවැති තරගයකදී ඒස් කැපිටල් පිල ලකුණු 46 කට සීමා කිරීමට ද්‍රවිඩ සංගම් පිල සමත්විය. ඒ අනුව මෙවර අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේය.

ඒ සමගින් පී.සරා ඕවල්හිදී පැවැති මෙම තරගය ලකුණු 132 කින් ජයගැනීමට ද්‍රවිඩ සංගම් පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය ඒස් කැපිටල් පිලට ඕවර 13.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 46 ක් පමණි.

ලකුණු 39 කට කඩුලු 3 ක් අහිමිවී සිටි ඒස් කැපිටල් පිලේ ඉතිරි කඩුලු 7 ලකුණු 7 ක් තුල දවා ගැනීමට ද්‍රවිඩ සංගම් පිලේ පන්දු යවන්නෝ සමත්වූහ.

දුලීක තිස්සකුට්ටිගේ ලකුණු 13 ක් සහ ප්‍රමුද් හෙට්ටිවත්ත ලකුණු 12 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට අවස්ථාවක් හිමිනොවූහ.

දිලුම් සුධීර ඕවර 5 ක් යවමින් එක් නිලකුණු ඕවරයක්ද සමගින් ලකුණු 12 කට කඩුලු 4 ක් ද, ඩිල්රුවන් පෙරේරා ලකුණු 08 කට කඩුලු 3 ක් සහ ශිරාන් ප්‍රනාන්දු ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගනිමින් ද්‍රවිඩ සංගම් පිල ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් පිලට ඕවර 43.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණි.

නවෝද් පරණවිතාන පන්දු 69 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 45 ක් සහ රවිඳු ප්‍රනාන්දු පන්දු 35 කදී හයේ පහර 4 ක් සමගින් ලකුණු 35 ක් ලබාගැනීමට සමත්වූහ. ඉසුරු උදාන ලකුණු 28 ක් සහ සිතාර හපුහින්න ලකුණු 20 ක් ද ලබාගැනීමට සමත්වූහ.

නිම්සර අතරගල්ල කඩුලු 3 ක් ද, ලසිත් කෘස්පුල්ලේ සහ චානක දේවින්ද කඩුලු 2 බැගින් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තවත් තරග 9 ක් අද පැවැති අතර එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට සෙබස්තිනයිට්ස්, නුගේගොඩ, යුදහමුදාව, හලාවත මේරියන්ස්, බ්ලූම්ෆීල්ඞ්, පොලිසිය, සී.සී.සී සහ නාවික හමුදා කණ්ඩායම් සමත්විය.

එහිදී පොලිස් පිලේ ගීතාංෂ් කේරා ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සී.සී.සී පිලේ අෂාන් ප්‍රියංජන් කඩුලු 6 ක් සහ යුදහමුදා පිලේ රෂ්මික සිරිවර්ධන කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ද්‍රවිඩ සංගමය - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී 178
(සිතාර හපුහින්න 20, නවෝද් පරණවිතාන 45, ඉසුරු උදාන 28, රවිඳු ප්‍රනාන්දු 35, නිම්සර අතරගල්ල 32/3, ලසිත් කෘස්පුල්ලේ 26/2, චානක දේවින්ද 30/2)

ඒස් කැපිටල් - ඕවර 13.1 කදී සියලුදෙනා දැවී 46
(දිලුම් සුධීර 12/4, ඩිල්රුවන් පෙරේරා 08/3, ශිරාන් ප්‍රනාන්දු 22/3)

----------------------------------------------------------------------------------------------------------------------

සෙබස්තිනයිට්ස් පිලට ලකුණු 72 ක ජයක්
එන්.සී.සී සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

සෙබස්තිනයිට්ස් - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 178
(මනෙල්ක ද සිල්වා 23, ශශ්‍රීක පුස්සේගොල්ල 33, විශාල් සිල්වා 20, සචිත ජයතිලක 32, සචිඳු කොළඹගේ 27/4, අසෙල් සිගේරා 37/2)
එන්.සී.සී - ඕවර 26.2 කදී සියලුදෙනා දැවී 106
(අසෙල් සිගේරා 31, ශශ්‍රීක පුස්සේගොල්ල 24/3, තරිඳු රත්නායක 34/3, ලොහාන් ද සොයිසා 12/2)

----------------------------------------------------------------------------------------------------------------------

නුගේගොඩ පිලට ලකුණු 107 ක ජයක්
කැන්ඩි කස්ටම්ස් සහ නුගේගොඩ කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී

නුගේගොඩ - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 212
(බිෂාන් මෙන්ඩිස් 27, අභිෂේක් ලියනාරච්චි 34, නයන ප්‍රනාන්දු 20, රාහුල් ගුණසේකර 35, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 42, අයේෂ් හර්ෂණ 36/3, මිතුන් ජයවික්‍රම 34/2)
කැන්ඩි කස්ටම්ස් - ඕවර 36.2 කදී සියලුදෙනා දැවී 105
(තරිඳු රුක්ෂාන් 22, සලිඳු පතිරණ 23, අරවින්ද ප්‍රේමරත්න 20/3, හංස ද සිල්වා 20/2)

----------------------------------------------------------------------------------------------------------------------

යුදහමුදා පිලට ලකුණු 154 ක ජයක්
බී.ආර්.සී සහ යුදහමුදා කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී

යුදහමුදාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 304
(ශෙහාන් ප්‍රනාන්දු 32, ලක්ෂාන් එදිරිසිංහ 75, මහේෂ් කුමාර 65, අසේල ගුණරත්න 36, තිසර පෙරේරා 43, ළහිරු සමරකෝන් 45/2, සචින්ත පිරීස් 66/2)
බී.ආර්.සී - ඕවර 28.1 කදී සියලුදෙනා දැවී 150
(තිලකරත්න සම්පත් 28, කෙවින් කොත්තිගොඩ 30, රෂ්මික සිරිවර්ධන 43/5, ලක්ෂාන් එදිරිසිංහ 01/2)

----------------------------------------------------------------------------------------------------------------------

හලාවත මේරියන්ස් පිලට කඩුලු 4 ක ජයක්
කුරුණෑගල යොවුන් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේදී

කුරුණෑගල යොවුන් - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 155
(මුදිත ප්‍රේමදාස 29, ළහිරු ජයරත්න 58, අවිඳු තීක්‍ෂණ 29/4, ශෙෂාන් සිල්වා 15/2)
හලාවත මේරියන්ස් - ඕවර 40.5 කදී කඩුලු 6 ක් දැවී 157
(කවිඳු ඉරෝෂ් 37, ගෞරව් ජාතර් 38, චමෝද් සඳරු නොදැවී 30, පුලින තරංග 31, ළහිරු ජයරත්න 17/2, සකිඳු විජේරත්න 34/2)

----------------------------------------------------------------------------------------------------------------------

බ්ලූම්ෆීල්ඞ් පිලට කඩුලු 2 ක ජයක්
සැරසන්ස් සහ බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් - ඕවර 46.4 කදී සියලුදෙනා දැවී 194
(සිතාර ගිම්හාන් 50, ගිහාන් ඊබට් 36, තවීශ අභිෂේක් 36, මොහොමඞ් වකාස් 34, යෂ්පාල් සිං 30/3, මාධව වර්ණපුර 43/3, චානක කොමසාරූ 22/2)
බ්ලූම්ෆීල්ඞ් - ඕවර 48.5 කදී කඩුලු 8 ක් දැවී 196
(යෂ්පාල් සිං 40, ප්‍රෂාන් වික්‍රමසිංහ 21, අෂාන් ප්‍රනාන්දු 29, චමත් වික්‍රමසිංහ 20, චමල්ක ප්‍රනාන්දු 21/3, ආකාෂ් සේනාරත්න 34/2)

----------------------------------------------------------------------------------------------------------------------

පොලිස් පිලට ලකුණු 153 ක ජයක්
ලන්කන් සහ පොලිස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී

පොලිස් - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 298
(සමන් කුමාර 42, ගීතාංෂ් කේරා 167, චාමර සිල්වා නොදැවී 61, රජීව වීරසිංහ 41/4)
ලන්කන් - ඕවර 42.1 කදී සියලුදෙනා දැවී 145
(පූර්ණ වන්නිතිලක 29, තුෂිර මදනායක 34, රජීව වීරසිංහ නොදැවී 31, මිරංග වික්‍රමගේ 25, රන්දුණු ගංගානාත් 16/3, නුවන් ප්‍රදීප් 18/2, චතුරංග කුමාර 20/2, නදීර බාලසූරිය 40/2)

----------------------------------------------------------------------------------------------------------------------

සී.සී.සී පිලට කඩුලු 7 ක ජයක්
මීගමුව සහ සී.සී.සී කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

මීගමුව - ඕවර 27.4 කදී සියලුදෙනා දැවී 132
(දිලාශ්‍රී ලොකුබණ්ඩාර 29, මිසනූර් රහ්මන් 25, ජීවක ශෂේන් 37, අෂාන් ප්‍රියංජන් 22/6)
සී.සී.සී - ඕවර 23.5 කදී කඩුලු 3 ක් දැවී 136
(සඳරුවන් චින්තක 26/2)

----------------------------------------------------------------------------------------------------------------------

නාවික හමුදා පිලට ලකුණු 29 ක ජයක්
ගාල්ල සහ නාවික හමුදා කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී

නාවික හමුදාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 251
(සංජීව් කුමාරස්වාමී 26, මදුර මදුශංක 76, සහන් කෝසල 61, පූර්ණ චාරුක නොදැවී 31, චතුර ලක්ෂාන් 39/2, මිහිරංග සිල්වා 41/2, රජිත් ප්‍රියාන් 56/2)
ගාල්ල - ඕවර 48 කදී සියලුදෙනා දැවී 222
(රවිඳු සෙම්බුකුට්ටිගේ 36, සමීන් කඳණආරච්චි 20, විනුර දුල්සර 73, කවිඳු එදිරිවීර 21, සංජීව් කුමාරස්වාමී 34/2, ඩිලංක අවඞ් 37/2)


අදහස් (0)

ඒස් කැපිටල් ලකුණු 46 කට දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.