Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic කල් දැමූ එක්දින තරග 24 වැනිදා

කල් දැමූ එක්දින තරග 24 වැනිදා

editorial - 2022 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

රටතුල පැවැති කළබලකාරී වාතාවරණය හේතුවෙන් ඊයේ (14 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබී කල්දැමුණු අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 11 ක් මේ මස 24 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තරග කමිටුව තීරණය කර තිබේ.

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ මස 23 වැනිදා අවසන් කිරීමට පෙර සැලසුම් කර තිබුණි. නමුත් කල්දැමූ තරග 24 වැනිදා පැවැත්වීමට තීරණය කිරීමත් සමගින් මූලික වටයේ තරග අවසන් කිරීම තවත් එක් දිනකින් පසුපසට යනු ඇත.

ඒ අනුව 25 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ අවසන් පූර්ව වටයේ තරග මේ මස 26 වැනිදා දක්වා කල් යනු ලැබේ. නමුත් කලින් සැලසුම් කළ ආකාරයකට අවසන් මහ තරගය මේ මස 28 වැනිදා පැවැත්වේ.

 

කල් දැමුණු තරග
බදුරලිය සහ කොල්ට්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
සෙබස්තිනයිට්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆීල්ඩ් සහ ද්‍රවිඩ සංගම් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී
කළුතර ටවුන් සහ පොලිස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. සහ ලංකන් කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
නාවික හමුදා සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදා සහ පානදුර කණ්ඩායම් අතර කටුනායක වෙළඳ කළාප ක්‍රීඩාංගණයේදී
කැන්ඩි කස්ටම්ස් සහ රාගම කණ්ඩායම් අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී
ගාල්ල සහ සී.සී.සී. කණ්ඩායම් අතර කළුතර යුද හමුදා ක්‍රීඩාංගණයේදී
යුද හමුදා සහ මීගමුව කණ්ඩායම් අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

කල් දැමූ එක්දින තරග 24 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.