Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic චන්දිමාල්ගේ පිලට ලකුණු 52 ක ජයක්

චන්දිමාල්ගේ පිලට ලකුණු 52 ක ජයක්

editorial - 2021 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(රොෂාන් ගුණරත්න)

පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන යුද හමුදාපති ලීග් විස්සයි20 තරගාවලියේ අද (4 වැනිදා) පැවැති තරගයකදී නොදර්න් වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 52 ක ජයක් හිමිකර ගැනීමට සදර්න් වොරියර්ස් පිල සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සදර්න් වොරියර්ස් පිල ඕවර 19.5 කදී සියලුදෙනා දැවී ලකුණු 159 ක් රැස්කිරීමට සමත්විය. නායක දිනේෂ් චන්දිමාල් පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 38 ක් ද, සමිත දිල්ෂාන් පන්දු 18 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 33 ක් සහ ඇන්ජලෝ පෙරේරා පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 30 ක් ද රැස්කරමින් සදර්න් වොරියර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

ඩිලාන් මදුසංක සහ සීකුගේ ප්‍රසන්න කඩුලු 3 බැගින් දවාගනිමින් නොදර්න් වොරියර්ස් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය නොදර්න් වොරියර්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 107 ක් පමණි.

දිනේෂ් පෙරේරා, මදුශාන් බෝතොටගේ සහ සුමින්ද ලක්ෂාන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නොදර්න් වොරියර්ස් පිලට සිය ඉලක්කය කරා යෑමට නොහැකි විය.

සිය ඕවර 4 ලකුණු 20 කට සීමාකරමින් එක් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 3 ක් ද, මදුශාන් බෝතොටගේ ලකුණු 27 කට කඩුලු 3 ක් සහ සුමින්ද ලක්ෂාන් ලකුණු 13 කට කඩුලු 2 ක් දවාගනිමින් සදර්න් වොරියර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

පැතුම් කුමාර පන්දු 44 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 35 ක් සහ තෙනූ රතාන් පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 28 ක් රැස්කළද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට තරම් එය ප්‍රමාණවත් නොවීය.


සදර්න් වොරියර්ස් - ඕවර 19.5 කදි සියලුදෙනා දැවී 159
(දිනේෂ් චන්දිමාල් 38, ඇන්ජලෝ පෙරේරා 30, සමිත දිල්ෂාන් 33, ඩිලාන් මදුසංක 28/3, සීකුගේ ප්‍රසන්න 34/3)

නොදර්න් වොරියර්ස් - ඕවර 20 කදි කඩුලු 9 ක් දැවී 107
(පැතුම් කුමාර 35, තෙනූ රතාන් 28, දිනේෂ් පෙරේරා 20/3, මදුශාන් බෝතොටගේ 27/3, සුමින්ද ලක්ෂාන් 13/2)

 


අදහස් (0)

චන්දිමාල්ගේ පිලට ලකුණු 52 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.