Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ඩිල්ෂාන්ගේ අර්ධ ශතකය අපතේ යයි

ඩිල්ෂාන්ගේ අර්ධ ශතකය අපතේ යයි

editorial - 2023 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෙජන්ඞ්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අර්බන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව අද (1 වැනිදා) ජම්මු නුවර මෝලානා අසාද් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී වේගවත් අර්ධ ශතකයක් ලබාගැනීමට භිල්වාරා කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන තිලකරත්න ඩිල්ෂාන් සමත් විය. 

එහිදී පන්දු 37 කට මුහුණදුන් ඩිල්ෂාන් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 53 ක් රැස්කළ නමුත් ඔහු නියෝජනය කරන භිල්වාරා කිංග්ස් කණ්ඩායම එම තරගයෙන් කඩුලු 7 ක පරාජයක් ලැබීය. ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය අර්බන්රයිසර්ස් ක්‍රීඩකයෝ ඕවර 17.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. 

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ රිකී ක්ලාර්ක් පන්දු 44 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 73 ක් රැස්කරමින් අර්බන්රයිසර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 15 කින් ලකුණු 25 ක් රැස්කළ ඞ්වේන් ස්මිත්, ඒ සඳහා ක්ලාර්ක්ට අනගි සහායක් දුන්නේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් භිල්වාරා කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 144 ක් ලබාගත් අතර අවසන් ඕවර කිහිපයේදී පන්දු 25 කට මුහුණදුන් යූසෆ් පතාන් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 34 ක් රැස්කළේය. 

 

භිල්වාරා කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 144 
(ලෙන්ඞ්ල් සිමන්ස් 21, තිලකරත්න ඩිල්ෂාන් 53, යූසෆ් පතාන් 34, ඉර්ෆාන් පතාන් 17, පවන් සුයාල් 27/2) 

අර්බන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල - ඕවර 17.3 කදී කඩුලු 3 ක් දැවී 148 
(ඞ්වේන් ස්මිත් 25, මාටින් ගප්ටිල් 18, රිකී ක්ලාර්ක් නොදැවී 73, ගුරුකීට් සිං 19, ක්‍රිස්ටෝපර් බාන්වෙල් 46/2) 

-036 


අදහස් (0)

ඩිල්ෂාන්ගේ අර්ධ ශතකය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.