Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන්වීමට ආසන්නව තිබියදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ‘ඒ’ කාණ්ඩයෙන් ද්‍රවිඩ සංගම් පිලත්, ‘බී’ කාණ්ඩයෙන් යුදහමුදා පිලත් සමත්විය.
එක් කාණ්ඩයකට කණ්ඩායම් 13 බැගින් කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 26 ක් තරගාවලියට සහභාගි වෙති.
තරග 9 කට සහභාගිවී ඇති මූවර්ස් පිල ප්‍රසාද ලකුණු 21 ක් ලබාගනිමින් ‘ඒ’ කාණ්ඩයෙන් ලකුණු සටහනේ පෙරමුණට පැමිණ ඇත. යුද හමුදා පිල ද ප්‍රසාද ලකුණු 24 ක් ලබාගනිමින් ‘බී’ කාණ්ඩයෙන් ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබේ.
‘ඒ’ කාණ්ඩයෙන් ද්‍රවිඩ සංගමය (21), ඒස් කැපිටල් (21), සහ මූවර්ස් (21) කණ්ඩායම් සම ප්‍රසාද ලකුණු ලබාගෙන තිබුණද ශූද්ධ ලකුණු වේගය මත ද්‍රවිඩ සංගමයට ලකුණු සටහනේ පෙරමුණ හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.