Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic දිල්ලි - පන්ජාබ් තරගයේ තැන වෙනස්කරයි

දිල්ලි - පන්ජාබ් තරගයේ තැන වෙනස්කරයි

editorial - 2022 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසයේ බලපෑම ඉහළ යෑමත් සමගින් දිල්ලි කැපිටල්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර පූනේ හි පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 32 වැනි තරඟය මුම්බායි හි බ්‍රැබෝන් ක්‍රීඩාංගණයට ගෙන ගොස් ඇත. දිල්ලි කැපිටල් පිලේ සාමාජියන් පස් දෙනෙකුට කොරෝනා වයිරසය වැළඳීමත් සමගින් ඉන්දිය ක්‍රිකට් පාළක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ. 

පසුගිය 15 වැනිදා සිදුකරන ලද රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණයකින් භෞතචිකිත්සක පැටි්‍රක් ෆර්හාත් ද, 16 වැනිදා සිදුකරන ලද පරීක්‍ෂණයකින් කණ්ඩායමේ සම්බාහක චේතන් කුමාර් ද, 18 වැනිදා සිදුකරන ලද පරීක්‍ෂණ වලින් කණ්ඩායම් වෛද්‍ය අභිජිත් සල්වී, තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් සහ සමාජ මාධ්‍ය කණ්ඩායමේ සාමාජික ආකාෂ් මානේ ආසාධිතයෝ බවට තහවුරු වූහ.

මේ වනවිට දිල්ලි කැපිටල් කණ්ඩායමේ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර ඇති අතර හෙට (20 වැනිදා) උදෑසන රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණයක් සඳහා මුහුණ දීමට සියලුදෙනාටම සිදුවනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ වනවිට හුදකලාව සිටින සාමාජිකයන් වෛද්‍ය නිරීක්ෂණ යටතේ සිටින අතර 6 වන සහ 7 වන දිනයන්හිදී ඔවුන් පරීක්ෂාවට ලක් කෙරේ. එම පරීක්ෂණ දෙකෙහිදීම ඍණාත්මක ප්‍රථිපල පෙන්නුවහොත් ඔවුන්ව නැවතත් දිල්ලි කැපිටල්ස් ජෛව ආරක්ෂිත බුබුල වෙත ඒකාබද්ධ කරනු ලැබේ. අප්‍රේල් 16 වනදා සිට, සමස්ත දිල්ලි කැපිටල්ස් කණ්ඩායමම දිනපතා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ ක්‍රියා පටිපාටියක් යටතට පත් කර ඇත. අද දින සිදු කරන ලද රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවල 4 වන වටය සෘණාත්මක වී ඇත.

ඊයේ (18 වැනිදා) සිදුකරන ලද රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඕස්ටේ්‍රලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් හැර අනෙක් සියල්ලන්ටම ඍණාත්මක ප්‍රතිඵලයක් ලබා දුන්නේය. “මිචෙල් මාෂ්ගේ පළමු වාර්තාව සෘණාත්මක වී ඇත. කෙසේ වෙතත් දෙවන රැපිඞ් ඇන්ටිජන් වාර්තාව ධනාත්මක විය. අනෙකුත් සියලුම ක්‍රීඩකයන්ගේ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සෘණාත්මක වී ඇත. 

“එබැවින් දිල්ලි කැපිටල් සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිත තරගයට කිසිදු තර්ජනයක් නෑ” යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත. 

- 2079


අදහස් (0)

දිල්ලි - පන්ජාබ් තරගයේ තැන වෙනස්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.