Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේ කැරීබියන් ප්‍රිමියර් ලීග් (සී.පී.එල්.) තරගාවලියේදී ශාන්ත කිට්ස් සහ නේවිස් පැටි්‍රයේට්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව වනිඳු හසරංගට සහ නුවන් තුෂාර දෙදෙනාටම අහිමි වී තිබේ. ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ශාරීරික ආබාධ වලට ලක්වීම ඊට හේතුවයි
වනිඳු හසරංග සහ නුවන් තුෂාර වෙනුවට දකුණු අප්‍රිකාවේ තබ්රේස් ශම්සි සහ ඇන්රික් නොකියා තම කණ්ඩායමට බඳවා ගැනීමට ශාන්ත කිට්ස් සහ නේවිස් හිමිකරුවෝ පියවර ගෙන සිටිති. පළපුරුදු දඟපන්දු යවන්නකු වන තබ්රේස් ශම්සි මීට පෙරත් ශාන්ත කිට්ස් සහ නේවිස් පිල වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ. එහෙත් ඇන්රික් නොකියා මීට පෙර සී.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කර නැත.
අගෝස්තු 02 වැනිදා, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, ඉන්දියාවට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 58 කට කඩුලු 3 ක් දවාගත් වනිඳු හසරංග එම තරගයේදී යැවූ 10 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ආබාධයකට ලක්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. හසරංගගේ වම් පාදයේ කලව පසුපස මස්පිඬුවක් ඇදීමෙන් ඔහු ආබාධයකට ලක්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.
නුවන් තුෂාර ආබාධයකට ලක්වූයේ එක්දින තරගාවලියට ආරම්භ වීමට පෙරදීය.
කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ මස 31 වැනිදා ආරම්භ වීමට නියමිතය.
- 213
සුමේද Monday, 12 August 2024 03:48 PM
ආබාධ නිසා ක්‍රීඩා කරන්නේ නෑ කියලා නේ දාන්න ඕනේ ඒ කන්ඩායමෙන් ඉවත් කරලා නෑනේ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.