Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic නුවනිඳුගේ ශතකය කොළඹ ඉනිම සවිමත් කරයි
ජාතික සුපිරි ලීගය - 2024

නුවනිඳුගේ ශතකය කොළඹ ඉනිම සවිමත් කරයි

editorial - 2024 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන  සිවුදින තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (19 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි යාපනය කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටියේය. 

දෙවැනි දිනය නිමාවට පත්වන විට නිෂාන් මධුෂ්ක ලකුණු 52 ක්ද, හසිත බෝයගොඩ ලකුණු 11 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව යාපනය කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 54 කි. 

පළමු දිනය අවසානයේ (18 වැනිදා) කඩුලු 4 ක් දැවී ලකුණු 275 ක් ලබා සිටි කොළඹ කණ්ඩායම ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 73 ක් එක්කර ගත්තේය. එහිදී ශතකයක් ලබාගැනීමට නුවනිඳු ප්‍රනාන්දු සමත් වූයේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. 

කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 348 
(දිමුත් කරුණාරත්න 19, ෂෙවොන් ඩැනියෙල් 78, නුවනිඳු ප්‍රනාන්දු 105, හිමාෂ ලියනගේ 56, පැතුම් කුමාර 16, චමිඳු වික්‍රමසිංහ 22, ළහිරු මධුෂංක 39/3, රවිඳු ප්‍රනාන්දු 74/2, ජෙෆ්රි වැන්ඩසේ 77/2) 

යාපනය පළමු ඉනිම - කඩුල්ලක් දැවී 81
(නිෂාන් මධුෂ්ක නොදැවී 52, හසිත බෝයගොඩ නොදැවී 11) 

 


අදහස් (0)

නුවනිඳුගේ ශතකය කොළඹ ඉනිම සවිමත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.