Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
“යුද හමුදාපති ලීග්” විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සීකුගේ ප්‍රසන්න නායකත්වය දරන නොදර්න් වොරියර්ස් පිල සමත්විය. දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයකදී ඊස්ටන් වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 24 ක ජයක් හිමිකර ගැනීමට නොදර්න් වොරියර්ස් පිල සමත්විය.
කාසියේ වාසිය දිනූ ඊස්ටන් වොරියර්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා නොදර්න් වොරියර්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 12 අවසානයේදී කඩුලු 3 ක් පමණක් දැවී ඔවුන් ලකුණු 120 ක් රැස්කිරීමට සමත්වූහ. වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර එක් ඉනිමක් ඕවර 12 කට සීමාවිය.
වේගවත් පිතිහරඹයක නිරතවූ නායක සීකුගේ ප්‍රසන්න පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 40 ක් රැස්කරමින් නොදර්න් වොරියර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 121 ක ඉලක්කයක් හඹාගිය ඊස්ටන් වොරියර්ස් පිලට ඕවර 12 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96 ක් පමණි.
නායක හිමාෂ ලියනගේ පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 39 ක් රැස්කිරීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ තරගය පරාජයට පත්විය.
තෙනු රතන්, ඩිශාන් ප්‍රනාන්දු සහ ජානක සම්පත් කඩුලු 2 බැගින් දවාගනිමින් නොදර්න් වොරියර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
නොදර්න් වොරියර්ස් සහ වෙස්ටන් වොරියර්ස් කණ්ඩායම් අතර අවසන් මහ තරගය හෙට (6 වැනිදා) දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
නොදර්න් වොරියර්ස් - ඕවර 12 කදී කඩුලු 3 ක් දැවී 120
(සීකුගේ ප්‍රසන්න 40, මිලින්ද සිරිවර්ධන නොදැවී 22)
ඊස්ටන් වොරියර්ස් - ඕවර 12 කදී කඩුලු 8 ක් දැවී 96
(හිමාෂ ලියනගේ 39, තෙනු රතන් 13/2, ඩිශාන් ප්‍රනාන්දු 19/2, ජානක සම්පත් 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.