Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic යාපනය ලකුණු 364 ක් ඉදිරියෙන්
ජාතික සුපිරි ලීගය

යාපනය ලකුණු 364 ක් ඉදිරියෙන්

editorial - 2025 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග් ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද (21 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 54 ක් ලබා සිටියේය. 

ඒ අනුව දඹුල්ල කණ්ඩායම තවත් කඩුලු 9 ක් අතැතිව යාපනය කණ්ඩායමට වඩා ලකුණු 364 ක් පසුපසින් සිටියි. දඹුල්ල ඉනිමේ බිඳවැටුණු එකම කඩුල්ල බවට පත්වූ රොන් චන්ද්‍රගුප්ත, නිමේෂ් විමුක්තිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවන විට හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක් ලබා සිටියේය. 

ඊයේ (20 වැනිදා) තරගය නිමාවට පත්වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 206 ක් ලබා සිටි යාපනය ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 212 ක් එක්කර ගත්හ. එහිදී රවිඳු රෂාන්ත (120)  ශතකයක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් (64), ජනිත් ලියනගේ (නොදැවී 79) සහ නිරෝෂන් දික්වැල්ල (70) අර්ධ ශතක ලැබූහ. 


යාපනය පළමු ඉනිම - ඕවර 107 කදී සියලු දෙනා දැවී 418 
(රවිඳු රෂාන්ත 120, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 64, ජනිත් ලියනගේ නොදැවී 79, නිරෝෂන් දික්වැල්ල 70, දුලාජ් සමුදිත 88/3, අකිල ධනංජය 164/3) 

දඹුල්ල පළමු ඉනිම - ඕවර 10 කදී කඩුල්ලක් දැවී 54 
(නිෂාන් මධුෂංක නොදැවී 23, රොන් චන්ද්‍රගුප්ත 20) 

-036 


අදහස් (0)

යාපනය ලකුණු 364 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.