Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ගයාන් චන්ද්‍රබෝස් (16/4) සහ අශාන් ප්‍රියංජන්ගේ (23/3) දක්ශ පන්දු යැවීම හමුවේ යුද හමුදාපති ලීග් විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සීකුගේ ප්‍රසන්න නායකත්වය දැරූ නොදන් වොරියර්ස් පිල සමත්විය. දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී වෙස්ටන් වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 64 ක ජයක් හිමිකර ගැනීමට නොදන් වොරියර්ස් පිලට හැකිවිය.
තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග ඇතුළු මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම පිටියෙන් ඉවත් කළ ගයාන් චන්ද්‍රබෝස් සිය ඕවර 4 ලකුණු 16 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගනිමින් නොදන් වොරියර්ස් පිලේ ජයග්‍රහණයට අඩිතාලම දැමීය.
ගයාන් චන්ද්‍රබෝස්ගෙන් පසුව කඩුලු දඩයම ඇරඹූ අශාන් ප්‍රියංජන් ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගනිමින් වෙස්ටන් වොරියර්ස් පිල ඕවර 16.1 කදී ලකුණු 78 කට සීමා ක් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට ඔහු දායක විය. සීකුගේ ප්‍රසන්න ලකුණු 10 කට කඩුලු 2 ක් දවාගත්තේය.
තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාවූ උපුල් තරංග ලකුණු 10 කට දැවී ගිය අතර නායක තිසර පෙරේරා ලකුණු 21 ක දැවී ගියේය. ලක්ෂාන් ගමගේ (14) සහ මල්ක මදුශංක (20) සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කිරිමට නොදන් වොරියර්ස් පන්දු යවන්නෝ සමත්වූහ.
කාසියේ වාසිය දිනු වෙස්ටන් වොරියර්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා නොදන් වොරියර්ස් පිලට ආරාධනා කළ අතර අතර ඕවර 20 අවසානයේ ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.
ලකුණු 55 කට කඩුලු 5 ක් අහිමිව තිබියදී 6 වැනි කඩුල්ල සඳහා පන්දු 49 කදී ලකුණු 61 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩාවැටුණු නොදන් වොරියර්ස් ඉනිම ගොඩනැගීමට ශෙහාන් ප්‍රනාන්දු සහ පැතුම් කුමාර සමත්වූහ.
ශෙහාන් ප්‍රනාන්දු පන්දු 34 කදි හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 39 ක් රැස්කළ අතර පැතුම් කුමාර පන්දු 32 කදි හතරේ පහරක් සමගින් ලකුණු 35 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස නොදර්න් වොරියර්ස් පිලේ සීකුගේ ප්‍රසන්න සම්මාන දිනාගතත් අතර අවසන් තරගයේ දක්ෂකම ක්‍රීඩකයා ලෙස නොදර්න් වොරියර්ස් පිලේ ශෙහාන් ප්‍රනාන්දු සම්මාන දිනාගත්තේය.
වොරියර්ස් පිලේ උපුල් තරංග තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙසත් තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා ලෙස ගිහාන් කෝරලගේත් සම්මාන දිනාගැනීමට සමත්වූහ.
තරගාවලියේ ශූරතාව දිනාගත් නොදර්න් වොරියස් පිලට ශූරතා කුසලාන සමගින් රුපියල් 250,000ක මුදල් ත්‍යාගයක් ද, අනු ශූරතාව දිනාගත් වෙස්ටන් වොරියස් පිලට අනු ශූරතා කුසලාන සමගින් රුපියල් 150,000 ක ත්‍යාගයක්ද හිමිවිය.
නොදන් වොරියර්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 142
(අශාන් රන්දික 23, ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 39, පැතුම් කුමාර 35, නුවන් ප්‍රදීප් 38/3)
වෙස්ටන් වොරියර්ස් - ඕවර 16.1 කදී සියලුදෙනා දැවී 78
(තිසර පෙරේරා 21, මල්ක මදුශංක 20, ගයාන් චන්ද්‍රබෝස් 16/4, අශාන් ප්‍රියංජන් 23/3, සීකුගේ ප්‍රසන්න 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.