Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 23 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. මෙම තරගාවලියද වසර 2021 තරග වාරයට ඇතුළත් තරගාවලියයි. වසර 2020 පැවැති අන්තර් සමාජ විස්සයි-20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සී.සී.සී පිල සමත්වූ අතර එහි අනුශූරතාව හලාවත මේරියන්ස් පිලට හිමිවිය.
විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩා සමාජ 26 ක් තරග වැදීමට සුදානමින් සිටිති. ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින් ඇතුළත් වන අතර ‘බී’ සහ ‘සී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වේ.
ඒ ඒ කාණ්ඩයන්හි මූලික වටයේ තරග වලින් ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 8 ක් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.
මූලික වටයේ තරග ඔක්තෝබර් 23 වැනිදා සිට නොවැම්බර් 3 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග නොවැම්බර් 6 වැනිදා පී.සරවනමුත්තු සහ සී.සී.සී ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ. අවසන් පූර්ව තරග නොවැම්බර් 7 වැනිදා එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය නොවැම්බර් 8 වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
‘ඒ’ කාණ්ඩය -
සී.සී.සී, එස්.එස්.සී, මූවර්ස්, ගුවන් හමුදාව, කළුතර නාගරික, වරාය අධිකාරිය, කුරුණෑගල යොවුන්
‘බී’ කාණ්ඩය -
හලාවත මේරියන්ස්, යුදහමුදාව, බී.ආර්.සී, පොලිසිය, ගාල්ල, නුගේගොඩ
‘සී’ කාණ්ඩය -
එන්.සී.සී, කෝල්ට්ස්, සැරසන්ස්, මීගමුව, බ්ලූම්ෆීල්ඞ්, කැන්ඞ් කස්ටම්ස්
‘ඩී’ කාණ්ඩය -
රාගම, බදුරලිය, ලන්කන්, පානදුර, ද්‍රවිඩ සංගමය, නාවික හමුදාව, සෙබස්තිනයිට්ස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.