Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic සී.සී.සී - යුද හමුදාව අවසන් පූර්ව වටයට

සී.සී.සී - යුද හමුදාව අවසන් පූර්ව වටයට

editorial - 2022 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමට තව දින දෙකක් තිබියදීම ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සී.සී.සී සහ යුද හමුදා කණ්ඩායම් සමත්විය.

නමුත් ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඒස් කැපිටල්, මූවර්ස්, ද්‍රවිඩ සංගමය සහ එස්.එස්.සී කණ්ඩායම් තියුණු සටනක නිරත වෙති.

මේ වනවිට තරග 11 කට සහභාගිවී ඇති සී.සී.සී පිල ඉන් තරග 10 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 28 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණ ගෙන ඇත. නමුත් තරග 10 කට පමණක් සහභාගිවී ඇති යුද හමුදා පිල ඉන් තරග 9 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 27 ක් සමගින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී ඇත. සී.සී.සී සහ යුද හමුදා පිලට තර්ජනයක් එල්ල කිරීමට කිසිදු කණ්ඩායමකට අවස්ථාවක් නොමැති වුවද ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීම සඳහා මොවුන් අතරද තියුණු සටනක් ඇතිවී තිබේ.

ඒස් කැපිටල් ප්‍රසාද ලකුණු 27 ක්, මූවර්ස් පිල ප්‍රසාද ලකුණු 26 ක්, ද්‍රවිඩ සංගමය ප්‍රසාද ලකුණු 24 ක් සහ එස්.එස්.සී පිල ප්‍රසාද ලකුණු 23 ක් ලබාගනිමින් පිළිවෙලින් ලකුණු සටහනේ පළමු, දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබාගෙන සිටිති.

ඒස් කැපිටල් පිල මේ වනවිට මූලික වටයේ සියලු තරග ක්‍රීඩා කර අවසන්ව ඇති අතර මූවර්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් වලට තරගය බැගින්ද, ද්‍රවිඩ සංගම් පිලට තරග 2 ක් ද මූලික වටයේදී ඉතිරිව ඇත. මූලික වටයේ අවසන් තරග හෙට සහ අනිද්දා පැවැත්වෙන අතර එහිදී කණ්ඩායම් තරග ජය ගන්නා ආකාරය අනුව ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් දෙක තීරණය වනු ඇත.

 


අදහස් (0)

සී.සී.සී - යුද හමුදාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.