Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic සෙබස්තියනයිට්ස් - ද්‍රවිඩ සංගම් අවසන් තරගය 22 දා සිට

සෙබස්තියනයිට්ස් - ද්‍රවිඩ සංගම් අවසන් තරගය 22 දා සිට

editorial - 2022 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් අන්තර් සමාජ නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන තෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සහ සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තුන් ඉරියව් ක්‍රීඩක තරුෂ ප්‍රනාන්දු සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම මෙහෙයවන අතර තුන් ඉරියව් ක්‍රීඩක රන්මිත් ජිනසේන ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායකත්වය දරයි.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී මුල් ඉනිමේ ජයක් වාර්තා කරමින් සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය ජය ගනිමිනි.

මූලික වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයද, ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මීගමුව ක්‍රීඩා සමාජයද, ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයද, ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයද සමත් වූහ.

 


අදහස් (0)

සෙබස්තියනයිට්ස් - ද්‍රවිඩ සංගම් අවසන් තරගය 22 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.