Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ‘ජාතික යොවුන් ලීග්‘ වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (30 වැනිදා) අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කොළඹ දකුණ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටිති.
විමත් දිල්සරගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණ කණ්ඩායම, ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් අත්කර ගනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. කවීජ ගමගේ නායකත්වය දරණ මහනුවර කණ්ඩායම, කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් අත්කරගනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
කොළඹ දකුණ කණ්ඩායම -
විමත් දින්සර (නායක), රෙහාන් පීරිස්, සුහස් ප්‍රනාන්දු, රමිරු පෙරේරා, අසදිසි ද සිල්වා, ඔෂාන් ද සිල්වා, දිනෙත් සිතුමිණ, ජේසන් ප්‍රනාන්දු, රුෂඳ සිල්වා, රන්දීෂ බණ්ඩාරනායක, අබීත් පරණවිදාන, චිතුම් බෙද්දගේ, හිරූෂ ප්‍රනාන්දු, ආකාෂ් දිසානායක
මහනුවර කණ්ඩායම -
කවීජ ගමගේ (නායක), දිමන්ත මහවිතාන, කෞෂික කුමාරසිංහ, කාශ්‍යප දිසානායක, පුලීෂ තිලකරත්න, ඒ.එල්.නාහ්‍යාන්, කලන හේරත්, ඔකිත් ප්‍රනාන්දු, චනිරු සේනාරත්න, ආදම් හිල්මි, ෂෙවාන් කැනිෂස්, දසුන් වාලියංග, සුමේධ ප්‍රසාද්, සෙත්මික සෙනෙවිරත්න, කෙනුල පිහිලියංග, නිමේෂ් සිල්වා, රයන් ග්‍රෙගරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.