Last Update  :  2025-02-19 19:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic එන්.සී.සී. 379 ට දැවී යයි
පළමු පෙළ ක්‍රිකට්

එන්.සී.සී. 379 ට දැවී යයි

editorial - 2025 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේදී ‘බී’ තලයට නොවැටී සිටීම සඳහා තියුණු සටනක නිරත වන එස්.එස්.සී. ක්‍රීඩකයෝ අද (14 වැනිදා) එන්.සී.සී. පිටියේදී ආරම්භ වූ තරගයේදී සත්කාරක කණ්ඩායම ලකුණු 379 කට දවාගත්හ. 

අද උදෑසන තරගය ආරම්භ වූ මොහොතේ පටන් එන්.සී.සී. පිතිකරුවෝ දැඩි ප්‍රවේගකාරී ලකුණු රැස්කිරීමක නිරත වූහ. නිරෝෂන් දික්වැල්ල (91), ළහිරු උදාර (55), කමිල් මිෂාර (77) සහ අහන් වික්‍රමසිංහ (47) වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූ හෙයින් එන්.සී.සී. ලකුණු පුවරුව වරෙක කඩුලු 2 කට ලකුණු 280 ක් ලෙසින් දිස්විය. එහෙත් ප්‍රමෝද් මධුෂාන් විසින් අහන් වික්‍රමසිංහ දවාගනු ලැබීමත් සමගින් එන්.සී.සී. පිලේ කඩුලු 8 ක් ලකුණු 119 ක් ඇතුළත බිඳ වැටිණ. 

අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ අපේක්‍ෂාවන් පසුවන එන්.සී.සී. පිල තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව අංක 1 ස්ථානයේ පසුවෙයි. පළමු පෙළ තරගාවලියේ රැඳී සිටීම සඳහා තියුණු සටනක නිරතව සිටින එස්.එස්.සී. පිල ප්‍රසාද ලකුණු පුවරුවේ 8 වැනි ස්ථානයට වැටී සිටී. 


එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 379 යි
(නිරෝෂන් දික්වැල්ල 91, ළහිරු උදාර 55, කමිල් මිෂාර 77, අහන් වික්‍රමසිංහ 47, සහන් ආරච්චිගේ 13, කවීන් බණ්ඩාර 45, අසෙල් සිගේරා 17, කසුන් රාජිත 76/2, ප්‍රමෝද් මධුෂාන් 76/2, නිපුන් ධනංජය 19/3)


අදහස් (0)

එන්.සී.සී. 379 ට දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.