Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. තරගාවලියේදී ශ්‍රී ලංකාව ඇතුළත නිල රූපවාහිනී විකාශන සහකරු ලෙස ‘අද දෙරණ 24‘ නාලිකාව තරග සංවිධායකයන් සමගින් ගිවිසුම්ගත වී තිබේ. තරගාවලිය, දෙසැම්බර් මස 6 වන දින හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
උද්වේගකර තරගකාරිත්වයෙන් පිරි තරග 23ක සජීවී විකාශය අද දෙරණ 24 ඔස්සේ නැරඹීමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව ලැබෙනු ඇත. මෙම තරගාවලිය සඳහා එවින් ලුවිස්, කාලොස් බ්‍රත්වෙයිට්, ජැනමන් මලාන්, ඩ්වේන් ප්‍රිටොරියස්, ඩි‘ආසි ශෝර්ට්, ෂොයිබ් මලික් ඇතුළු ප්‍රමුඛ පෙළේ විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් සහභගි වෙති.
මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ, පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මනෝභාවයන් ඉහළ නැංවීමට ද මෙම තරගාවලිය උපකාරී වන බව තරගාවලියේ සංවිධායකයන් වන අයි.පී.ජී. සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අනිල් මොහාන් මහතා පැවසීය.
ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරඟාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස සමන්ත දොඩන්වෙල මහතා කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.