Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරග සඳහා ප්‍රවේශපත් අළෙවි කිරීමේ මධ්‍යස්ථාන දැන් විවෘත කර තිබේ. මෙම මධ්‍යස්ථාන වලින් අද දින (15 වැනිදා) පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා ප්‍රවේශපත් මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ විද්‍යා මාවතේ පිහිටි අනුර තෙන්නකෝන් පිවිසුම, කොළඹ 01 පිහිටි ඩරාස් මූලස්ථාන ගොඩනැඟිල්ල, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය (තරග නොපැවැත්වෙන දිනවලදී පමණි), සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ 168 වැනි කාමරය සහ කොටිකාවත්ත, දෙහිවල, කොට්ටාව, පිළියන්දල, බොරැල්ල, වැල්ලවත්ත, පෑලියගොඩ, කැළණිය සහ වත්තල පිහිටි ඩරාස් අළෙවි මධ්‍යස්ථාන වලින් ප්‍රවේශපත් මිලදී ගත හැකිය.
ඩරාස් වෙබ් අඩවියට පිවිසීමෙන්ද ප්‍රවේශපත් මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මූලික වටයේ ඉතිරි තරග සඳහා රුපියල් 300, 800, 1200, 1750, 3000 සහ 5000 යන මිලගණන් වලට ප්‍රවේශපත් මිලදී ගත හැකිය. පිළිමළුන් පිටුදැකීමේ වටයේදී රුපියල් 400, 1000, 1500, 2000, 3500 සහ 6000 යන මිලගණන් වලට ප්‍රවේශපත් මිලදීගත හැකිය.
තරගාවලියේ මූලික වටයේ තුන්වැනි අදියර තරග 17 වැනිදා (සෙනසුරාදා) සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. අවසන් තරගය මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.