Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ඒස් කැපිටල් දැවැන්ත ජයක් ලබයි

ඒස් කැපිටල් දැවැන්ත ජයක් ලබයි

editorial - 2025 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර කටුනායක එෆ්.ටී.ඉසෙඩ්. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 254 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 403 ක ඉලක්කයක් හඹාගිය මීගමුව ක්‍රීඩකයන්ට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 55 කට කඩුලු 5 ක් දවාගත් මෙලාන් හංසක ඒස් කැපිටල් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. 

මෙම තරගයේදී ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් පවන්ත වීරසිංහ (101) ශතකයක් ලබාගත් අතර උදයවංශ පරාක්‍රම (55), රවිඳු රත්නායක (59), තනුක දාබාරේ (60) සහ සම්මු අෂාන් (69) අර්ධ ශතක ලබාගතහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනුජ සහන් එහිදී ලකුණු 98 කට කඩුලු 7 ක් දවාගත්තේය. 


ඒස් කැපිටල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 228
(උදයවංශ පරාක්‍රම 55, රවිඳු රත්නායක 59, වනුජ සහන් 44, රොෂාන් ජයතිස්ස 36, උපුල් ඉන්ද්‍රසිරි 44/4, ශෙෂාන් ප්‍රනාන්දු 39/3, මාධව වර්ණපුර 41/2) 

මීගමුව පළමු ඉනිම - සියලු දෙනා දැවී 153 
(ඩිල්ෂාන් මුණවීර 21, හිමාෂ ලියනගේ 20, ශෙෂාන් ප්‍රනාන්දු 26, උමේෂ් ලක්ෂාන් නොදැවී 29, වනුජ සහන් 62/5, රොෂාන් ජයතිස්ස 21/3, නිම්සර අතරගල්ල 38/2) 

ඒස් කැපිටල් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 327
(පවන්ත වීරසිංහ 101, තනුක දාබාරේ 60, රවීන් ද සිල්වා 42, සම්මු අෂාන් 69, උදයවංශ පරාක්‍රම 26, ධනුෂ්ක සඳරුවන් 45/2, උපුල් ඉන්ද්‍රසිරි 104/2) 

මීගමුව දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 148 
(ඩිල්ෂාන් මුණවීර 25, පසිඳු ලක්ෂංක 22, ශෙෂාන් ප්‍රනාන්දු 27, උමේෂ් ලක්ෂාන් 27, මෙලාන් හංසක 55/5, රොෂාන් ජයතිස්ස 31/3, වනුජ සහන් 36/2) 


අදහස් (0)

ඒස් කැපිටල් දැවැන්ත ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.