Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic කමිල් මිෂාරගේ උත්සාහය වතුරේ යයි
එන්.එස්.එල් 2025

කමිල් මිෂාරගේ උත්සාහය වතුරේ යයි

editorial - 2025 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පළමු පෙළ තරගයකදී දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමේ හැකියාවෙන් යුත්, බලාපොරොත්තු තැබිය හැකි තරුණ පිතිකරුවන් ශ්‍රී ලංකාවට සිටින බව පෙන්වා දුන් මහනුවර කණ්ඩායමේ කමිල් මිෂාර සූරියවැව තණතීරුවේදී උපරිම ප්‍රයෝජන ගත්තේය. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එන්.එස්.එල්. තරගාවලියට අයත් පළමු පෙළ තරගයකදී කමිල් මිෂාර ලකුණු 158 කින් සිය කණ්ඩායම සවිමත් කළ නමුත් මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 350 කට දැවී ගියහ. 

පළමුවෙන්ම පන්දුවට පහර දෙමින් කඩුලු 9 කට ලකුණු 602 ක් ලබාගත් ගාල්ල කණ්ඩායමට ලකුණු 252 ක මුල් ඉනිමේ වාසියක් හිමිවිය. තරගයේ තුන්වැනි දිනය වූ අද (15 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ගාල්ල කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 13 ක් ලබා සිටියේය. 

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (14 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට මහනුවර කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 52 ක් ලබා සිටියේය. අද පෙරවරුවේදී එතැනින් තරගය ආරම්භ කළ මහනුවර පිලට උදෑසනින්ම ළහිරු උදාරගේ කඩුල්ල අහිමි විය. එහෙත් නුවනිඳු ප්‍රනාන්දු (51) සමගින් එක්වූ කමිල් මිෂාර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලකුණු සංඛ්‍යාව 178 ක් දක්වා ඉදිරියට ගෙන ගියේය. 

සහන් ආරච්චිගේ ලකුණු 02 කට දැවී ගියද සොහාන් ද ලිවේරා (60) සමගින් යළිත් එක්වූ කමිල් මිෂාර පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සමබන්ධතාවක් ගොඩනඟමින් ලකුණු 300 කඩඉම ආසන්නයට තම කණ්ඩායම කැඳවාගෙන ආවේය. එහෙත් මිලාන් රත්නායක (65/4) සහ දුනිත් වෙල්ලාලගේ (37/2) දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ අවසන් කඩුලු හතරම ලකුණු 36 කට බිඳ වැටීමෙන් මහනුවර ගමන ලකුණු 350 න් නිමා විය. 

හෙට (16 වැනිදා) තරගයේ අවසන් දිනයයි. 

 

ගාල්ල - පළමු ඉනිම කඩුලු 9 ට 602 යි
(ඕෂධ ප්‍රනාන්දු 57, නිපුන් ධනංජය 137, දිනේෂ් චන්දිමාල් 31, සධීර සමරවික්‍රම 78, දුනිත් වෙල්ලාලගේ 38, රමේෂ් මෙන්ඩිස් 122, නිසල තාරක 13, දිලුම් සුධීර නොදැවී 80, ඩිල්ෂාන් මධුශංක නොදැවී 21, චමිඳු වික්‍රමසිංහ 90/3, රවිඳු ප්‍රනාන්දු 121/2, නුවනිඳු ප්‍රනාන්දු 59/2)

මහනුවර - පළමු ඉනිම 350 යි
(ළහිරු උදාර 38, කමිල් මිෂාර නොදැවී 158, නුවනිඳු ප්‍රනාන්දු 51, සොහාන් ද ලිවේරා 60, ඩිල්ෂාන් මධුශංක 72/2, මිලාන් රත්නායක 65/4, දුනිත් වෙල්ලාලගේ 37/2)

ගාල්ල - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 13 යි


අදහස් (0)

කමිල් මිෂාරගේ උත්සාහය වතුරේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.