Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic කොළඹට ලකුණු 87 ක ජයක්
එන්.එස්.එල් - 2025

කොළඹට ලකුණු 87 ක ජයක්

editorial - 2025 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අවශ්‍යම අවස්ථාවේදී පන්දුව අතට ගැනීමේ පුරුද්දක් ඇති චරිත් අසලංකත් කඩුලු 2 ක් දවාගත් බැවින් ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති එන්.එස්.ඒල්. තරගයේදී යාපනය කණ්ඩායම ලකුණු 87 කින් පරාජය කිරීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ. යාපනය කණ්ඩායම යැයි කීවාට ‘යාපනය’ යනු හුදෙක් නමක් පමණක් වන අතර එහි ක්‍රීඩා කළෝ කොළඹ ඇතුළු දකුණේ ක්‍රීඩකයෝය. 

ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් 100 දෙනා අතරේ තරගාවලියක් පැවැත්වීමේ අරමුණු පෙරදැරිව පැවැත්වෙන එන්.එස්.එල්. (ජාතික සුපිරි ලිගය) තරගාවලියේ ක්‍රීඩා කරන කණ්ඩායම් 5 න් එකක් ‘යාපනය’ ලෙසින් හැඳින්වේ. 

දෙවැනි ඉනිමේදීත් කඩුලු 6 ක් දැවී ලකුණු 313 ක් ලබාගත් කොළඹ ක්‍රීඩකයෝ තරගය ජයගැනීමට නම් ලකුණු 454 ක් ලබාගන්නා ලෙස යාපනය පිලට අභියෝග කළහ. එහෙත් ‘යාපනය’ කණ්ඩායම නියෝජනය කළ කොළඹ ක්‍රීඩකයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 366 කි. 

බලපිටියෙන් පැමිණ, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රවිඳු රසන්ත (107) අගනා ශතකයක් ලබාගත් අතර ගෙන්දගම් පොළොවේ ඌෂ්ණය හොඳින් විඳ ඇති ෂෙවොන් ඩැනියෙල් (82), අංජල බණ්ඩාර (51) සහ චාමික කරුණාරත්න (51) තිදෙනාත් අර්ධ ශතක ලබාගත්හ. 

ලකුණු 454 ක ඉලක්කයක් කරා යද්දී රවිඳු රසාන්ත සහ ෂෙවොන් ඩැනියෙල් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 161 ක සම්බන්ධතාවක් තිබිණ. පසුව චාමික කරුණාරත්න සහ අංජල බණ්ඩාර දෙදෙනාත් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් චාමික කරුණාරත්න දැවි යාමත් සමගින් ලකුණු 40 ක් ඇතුළත අවසන් කඩුලු පහම බිඳ වැටිණ. 


කොළඹ - පළමු ඉනිම 386 යි
(නවෝද් පරණවිතාන 39, අවිශ්ක ප්‍රනාන්දු 144, ධනංජය ලක්ෂාන් 23, කවීන් බණ්ඩාර 77, චරිත් අසලංක 51, දුෂාන් හේමන්ත 31, මූවින් අබිනාශ් 93/2, ජෙෆ්රි වැන්ඩසේ 86/6)

යාපනය - පළමු ඉනිම 246 යි
(ෂෙවොන් ඩැනියෙල් 13, රවිඳු රසන්ත 13, ජනිත් ලියනගේ 51, අංජල බණ්ඩාර 88, චාමික කරුණාරත්න 29, ජෙෆ්රි වැන්ඩසේ 18, නිමේෂ් විමුක්ති 13, කසුන් රාජිත 34/2, නිශාන් පීරිස් 59/5)

කොළඹ - දෙවැනි ඉනිම කඩුලු 6 ට 313 යි
(නවෝද් පරණවිතාන 15, අවිශ්ක ප්‍රනාන්දු 41, ධනංජය ලක්ෂාන් 75, කවීන් බණ්ඩාර 57, චරිත් අසලංක 14, ළහිරු මධුශංක නොදැවී 30, දුෂාන් හේමන්ත නොදැවී 58, නිමේෂ් විමුක්ති 92/2, මුවින් අබිනාෂ් 63/2, ජෙෆ්රි වැන්ඩසේ 85/2)

යාපනය - දෙවැනි ඉනිම 366
(ෂෙවොන් ඩැනියෙල් 82, රවිඳු රසාන්ත 107, අහන් වික්‍රමසිංහ 22, අංජල බණ්ඩාර 51, චාමික කරුණාරත්න 51, ජෙෆ්රි වැන්ඩසේ 17, නිමේෂ් විමුක්ති 12, නිශාන් පීරිස් 109/2, මුදිත ලක්ක්‍ෂාන් 84/4, චරිත් අසලංක 56/2, දුෂාන් හේමන්ත 46/2)


අදහස් (0)

කොළඹට ලකුණු 87 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.