Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ සීමිත ඕවර තරගය යළිත්

ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ සීමිත ඕවර තරගය යළිත්

editorial - 2024 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රිකට් සමාජ දෙකක් වන සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී) සහ නොන්ඩස්ක්‍රිප්ට්ස් ක්‍රීඩා සමාජය (එන්.සී.සී.) අතර වාර්ෂිකව පැවැත්වෙන ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ කුසලාන සීමිත ඕවර තරගය නැවතත් ආරම්භ කිරීමට යයි. මෙම තරගය ලබන 30 වැනිදා එන්.සී.සී. පිටියේදී පැවැත්වේ. 

1998 දී ආරම්භ කරන ලද ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ කුසලාන සීමිත ඕවර තරග 2013 දක්වාම පැවැති නමුත් එතැන් සිට පැවැත්විය නොහැකි විය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්ය බහුල තරග කාලසටහනයි. දෙපිලේම ක්‍රීඩකයන් ගණනාවක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බැවින් ඔවුන්ට නිදහස් දිනයක් මෙම තරගය සඳහා සොයාගත නොහැකි විය. එහෙත් මේ වසරේ සිට තරගය නැවතත් ආරම්භ කිරීමට ක්‍රීඩා සමාජ දෙකේම නිලධාරීහු එකඟව සිටිති. 

මේ දක්වා පැවැති තරග 13 න් එස්.එස්.සී. පිල පස්වතාවක් ජයගෙන ඇති අතර එන්.සී.සී. කණ්ඩායම හත් වතාවක් ජයගෙන තිබේ. තරගයක් විසඳුමකින් තොරව අවසන් වී ඇත.

තරගයේ ජයග්‍රාහකයන්ට ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ කුසලාන පිරිනැමෙන අතර දක්‍ෂතම පිතිකරු, දක්‍ෂතම පන්දු යවන්නා සහ තරගයේ වීරයාට විශේෂ ත්‍යාග පිරිනැමේ. 

- 213


අදහස් (0)

ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ සීමිත ඕවර තරගය යළිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.