Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
තිසර පෙරේරාගේ (නොදැවී 75) ප්‍රවේගකාරී පිතිහරඹයත්, යශෝධ මෙන්ඩිස්ගේ (නොදැවී 26 සහ 24/3) තුන් ඉරියව් දස්කම් හේතුවෙන් යුද හමුදාපති කුසලාන විස්සයි20 තරගාවලියේ අද (4 වැනිදා) පැවැති තරගයකදී ඊස්ටන් වොරියර්ස් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට වෙස්ටන් වොරියර්ස් පිල සමත්විය. මෙම තරගය දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් පන්දු 39 කදී නොදැවී ලකුණු 75 ක් රැස්කරමින් වෙස්ටන් වොරියර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. නායක තිසර පෙරේරාට අනගි සහයක් ලබාදුන් යශෝධ මෙන්ඩිස් නොදැවී ලකුණු 26 ක් ලබාගත්තේය
ජයග්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය වෙස්ටන් වොරියර්ස් පිල ඕවර 18.5 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
තිසර පෙරේරා සහ යශෝධ මෙන්ඩිස් එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 60 කදී ලකුණු 99 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඊස්ටන් වොරියර්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 152 ක් රැස්කිරීමට සමත්විය.
හර්ෂජිත් විරේන්ද්‍ර පන්දු 34 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් ද, පැතුම් ඩිල්ෂාන් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් සහ සඳුන් වීරක්කොඩි පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් රැස්කරමින් ඊස්ටන් වොරියර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
යශෝධ මෙන්ඩිස් ලකුණු 24 කට කඩුලු 3 ක් ද, මල්ක මදුශංක සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඊස්ටන් වොරියර්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 152
(සඳුන් වීරක්කොඩි 30, පැතුම් ඩිල්ෂාන් 34, හර්ෂජිත් විරේන්ද්‍ර 41, හිමාෂ ලියනගේ 20, යශෝධ මෙන්ඩිස් 24/3, මල්ක මදුශංක 09/2, නුවන් ප්‍රදීප් 27/2)
වෙස්ටන් වොරියර්ස් - ඕවර 18.5 කදී කඩුලු 6 ක් දැවී 155
(ඩිල්ශාන් මුණවීර 21, තිසර පෙරේරා නොදැවී 75, යශෝධ මෙන්ඩිස් නොදැවී 26, තරිඳු කෞෂාල් 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.