Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic දඹුල්ල - ගාල්ල අවසන් තරගය පෙනෙන මානයේ
එන්.එස්.එල්. - 2025

දඹුල්ල - ගාල්ල අවසන් තරගය පෙනෙන මානයේ

editorial - 2025 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ජාතික සුපර් ලීග් තරගාවලියේ සති අන්ත හතරක් අවසන් වීමෙන් පසුව දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් තරඟාවලියේ අවසන් මහා තරඟයට ආසන්න වී සිටිති. දැනට පවතින ප්‍රසාද ලකුණු පුවරුව අනුව දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් සෙසු කණ්ඩායම් වලට වඩා බොහෝ ඉදිරියෙන් පසුවන අතර මෙම කණ්ඩායම් දෙකම ඔවුන්ගේ ආසන්නතම ප්‍රතිවාදීන් වන කොළඹ කණ්ඩායමට වඩා ලකුණු 15 ක් ඉදිරියෙන් සිටිති. 

මහනුවර පිලේ තරග සියල්ලම අවසන් වී තිබෙන අතර කොළඹ පිල අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට නම් ගාල්ල කණ්ඩායම හමුවේ ලබන සතියේදී ප්‍රසාද ලකුණු 15 ක් පමණ ලබාගත යුතුය. එය අසීරු අභියෝගයකි. 

මෙම තරගාවලියේදී මෙතෙක් පැවැති තරග අතුරින් විශිෂ්ටතම ජයග්‍රහණය වාර්තා කළේ දඹුල්ල කණ්ඩායමයි. ඒ පසුගිය සතියේදී මහනුවර පිල කඩුලු 4 කින් පරාජය කරමිනි. එම ජයග්‍රහණය හේතුවෙන් අවසන් තරගයේ තම ස්ථානය වෙන්කරවා ගැනීම සඳහා දඹුල්ල පිලට අවශ්‍ය වන්නේ තවත් ප්‍රසාද ලකුණු කිහිපයක් පමණි. 

මෙම තරගාවලියේදී දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම මේ දක්වා පෙන්නුම් කරන ලද දස්කම් අනුව ඉතිරිව ඇති එකම සති අන්තයේදී මෙම කණ්ඩායම් දෙකින් එකක් හෝ පසුකර යාම අසීරු අභියෝගයකි. 

දඹුල්ල කණ්ඩායම මෙම ස්ථානයට කැඳවාගෙන ඒම සඳහා විශිෂ්ට මෙහෙවරක් කළ අකිල ධනංජය තමන් සහභාගි වූ තරග තුනේදීම කඩුලු 10 හෝ ඊට වැඩියෙන් ලබාගනිමින් මේ දක්වා කඩුලු 32 ක් දවාගෙන තිබේ. දඹුල්ල නායක ධනංජය ද සිල්වාත් තරග තුනේදීම ශතක ලබාගනිමින් මේ දක්වා රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 361 කි. 

අලුත් අවුරුද්ද සඳහා වන විවේකයෙන් පසුව, ලීග් තරඟවලියේ අවසන් වටය අප්‍රේල් 20 වන දින ආරම්භ වේ. එදින ගාල්ල කණ්ඩායම සහ කොළඹ පිල අතර තරගය දඹුල්ලේදී ආරම්භ වන අතර දඹුල්ල කණ්ඩායම යාපනය කණ්ඩායම අතර තරගය පල්ලෙකැලේදී ආරම්භ වෙයි. 


අදහස් (0)

දඹුල්ල - ගාල්ල අවසන් තරගය පෙනෙන මානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.