Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic දික්වැල්ල - උදාර එන්.සී.සී. දිනවති
එක්දින තරගාවලිය

දික්වැල්ල - උදාර එන්.සී.සී. දිනවති

editorial - 2024 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම එක්දින තරගාවලියේදී අද (11 වැනිදා) පැවැති තරගයකදී එන්.සී.සී. කණ්ඩායම විසින් ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය ලකුණු 228 ක දැවැන්ත ජයක් වාර්තා කළේය. කොළඹ එන්.සී.සී. පිටියේදී පැවැති මෙම තරගයේදී එන්.සී.සී. නායක නිරෝෂන් දික්වැල්ල, ප්‍රචණ්ඩකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 59 කින් ලකුණු 112 ක් ලබාගත්තේය. ඔහුගේ ලකුණු 112 න් 80 ක්ම (හයේ පහර 8 යි, හතරේ පහර 8 යි) පැමිණියේ හයේ සහ හතරේ පහර වලිනි. 

ලකුණු 360 ක ඉලක්කයක් කරා ගිය ද්‍රවිඩ සංගම් ක්‍රීඩකයෝ ඕවර 19.4 කදී ලකුණු 131 කට දැවී ගියේ අශියන් ඩැනියෙල්ට කඩුලු 4 ක් තිළිණ කරමිනි. ද්‍රවිඩ සංගමය එක් අවස්ථාවකදී කඩුලු 2 කට ලකුණු 66 ක් ලබා සිටි නමුත් සිනෙත් ජයවර්ධන දැවී යාමත් සමගින් පිතිකරුවෝ 8 දෙනෙක් ලකුණු 65 ක් ඇතුළත දැවී ගියහ. 

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 168 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ දික්වැල්ල සහ ළහිරු උදාර (88) විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට එන්.සී.සී. පිලට පදනම දමා දුන්හ. ලකුණු 256 දී චාමික කරුණාරත්න දැවී යාමෙන් 6 වැනි කඩුල්ලත් බිඳ වැටුණද, හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක් එක්කළ කවීන් බණ්ඩාර (42) සහ චාමික ගුණසේකර (නොදැවී 51) එන්.සී.සී. ලකුණු පුවරුව 359 ක් දක්වා ඉහළ දැමූහ. 


එන්.සී.සී. - ඕවර 50 කදී කඩුලු 8 ට 359 යි
(නිරෝෂන් දික්වැල්ල 112, ළහිරු උදාර 88, කමිල් මිෂාර 24, කවීන් බණ්ඩාර 42, චාමික ගුණසේකර නොදැවී 51, අශියන් ඩැනියෙල් 15, අයන සිරිවර්ධන 44/2, සඳුන් වීරක්කොඩි 29/2)

ද්‍රවිඩ සංගමය - ඕවර 19.4 කදී 131 යි
(තරිඳු හර්ෂණ 11, සිනෙත් ජයවර්ධන 33, මොහොමඞ් ශමාස් 12, සිතාර හපුහින්න 31, ළහිරු සමරකෝන් 12, තරිඳු රත්නායක 19, චාමික කරුණාරත්න 34/2, අශියන් ඩැනියෙල් 41/4, ලසිත් ඇඹුල්දෙණිය 08/2)


ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

දික්වැල්ල - උදාර එන්.සී.සී. දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.