Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic දිනකින් නිමාවූ පළමු පෙළ තරගය

දිනකින් නිමාවූ පළමු පෙළ තරගය

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ අද (13 වැනිදා) ආරම්භවූ බ්ලූම්ෆීල්ඩ් සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරගය වාර්තාගත ලෙස ඉනිමකින් සහ ලකුණු 82 කින් ජයගැනීමට බ්ලූම්ෆීල්ඩ් පිල සමත්විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය තෙදින තරගයක් වුවද පළමු දිනයේදීම කඩුලු 30 ක් දැවීයාම හේතුවෙන් පළමු පෙළ තරග ඉතිහාසයේ දිනයකින් අවසන් වූ තරගය ලෙස මෙය වාර්තා පොත් අතරට එක්විය.

නාවික හමුදා පිලේ දැවී ගිය කඩුලු 20 පන්දු යවන්නන් දෙදෙනෙකු අතර පමණක් බෙදී යෑම කැපි පෙනුනි. වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ගයාන් සිරිසෝම පළමු ඉනිමේදී ලකුණු 02 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 12 කට කඩුලු 5 ක් සමගින් තරගය පුරා ලකුණු 14 කට කඩුලු 11 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ගයාන් සිරිසෝමට අනගි සහයක් ලබාදුන් සචින් ජයවර්ධන පළමු ඉනිමේදී ලකුණු 31 කට කඩලු 4 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 45 කට කඩුලු 5 ක් දවාගනිමින් තරගය පුරා ලකුණු 76 කට කඩුලු 9 ක් දවාගැනීමට සමත්විය.

තවත් තරග 5 ක් අද ආරම්භවූ අතර එහිදී වරාය අධිකාරිය පිලේ යොහාන් ද සිල්වා සහ පොලිස් පිලේ දුලාෂ් මිහිරංග ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. නාවික හමුදා පිලේ නිලංක පතිරණ, ගාල්ල පිලේ කවිඳු එදිරිවීර කඩුලු 5 බැගින් දවාගනිමින් පළමු දිනයේදීම පන්දුවෙන් දස්කම් දැක්වූහ.

නාවික හමුදා පළමු ඉනිම -  සියලුදෙනා දැවී 36
(නිලංක පතිරණ 16, ගයාන් සිරිසෝම 02/6, සචින් ජයවර්ධන 31/4)
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 180
(සචින් ජයවර්ධන 78, නිලංක පතිරණ 84/5, ඩිලංක අවඩ් 38/3)
නාවික හමුදා දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 62
(සුපුන් ලීලාරත්න 30, ගයාන් සිරිසෝම 12/5, සචින් ජයවර්ධන 45/5)

 

යොහාන්ගෙන් ශතකයක්
වරාය අධිකාරිය සහ මහනුවර කස්ටම්ස් කණ්ඩායම් අතර දොඹගොඩ ක්‍රීඩාංගණයේදී
වරාය අධිකාරිය පළමු ඉනිම -  කඩුලු 8 ක් දැවී 283
(යොහාන් ද සිල්වා 110, රමේෂ් නිමන්ත 45, හස්නෙයින් බොකාරී 41, ප්‍රශාන් වික්‍රමසිංහ 27, මෙතුෂාන් තිලිණ 51/3, කෞෂල්‍ය ගජසිංහ 22/2, සම්පත් පෙරේරා 29/2)

 

පානදුර 209, කුරුණෑගල යොවුන් 111/4
පානදුර සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර වත්තල ශා.ආනා විදුහල් ක්‍රීඩාංගණයේදී
පානදුර පළමු ඉනිම -  සියලුදෙනා දැවී 209
(විශ්ව චතුරංග 25, මින්හාජ් ජලීල් 37, රාජු ගයාෂාන් 26, රොෂාන් ජයතිස්ස 51, සමීර සඳමාල් 58/4, නවීන් කවිකාර 58/3)
කුරුණෑගල යොවුන් පළමු ඉනිම -  කඩුලු 4 ක් දැවී 111
(අනුරුද්ධ රාජපක්ෂ 34, රවින්ද්‍ර කරුණාරත්න 21, රොෂාන් ජයතිස්ස 28/2)

 

ගේෂාන් විමලධර්මට ශතකය අහිමිවෙයි
කළුතර නාගරික සහ ගාල්ල කණ්ඩායම් අතර හොරණ ඒරන් ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික පළමු ඉනිම -  සියලුදෙනා දැවී 277
(ගේෂාන් විමලධර්ම 92, එරංග රත්නායක 25, සංක චතුරංග 47, ඉෂාන් අබේසේකර 38, කවිඳු එදිරිවීර 70/5, අකලංක ගනේගම 32/2, අහ්මඞ් ජමාල් 51/2)
ගාල්ල පළමු ඉනිම -  කිසිවෙකු නොදැවී 27

 

දුලාෂ් මිහිරංගගෙන් ශතකයක්
පොලිස් සහ නුගේගොඩ කණ්ඩායම් අතර පානදුර නගරසභා ක්‍රීඩාංගණයේදී
පොලිස් පළමු ඉනිම -  කඩුලු 7 ක් දැවී 369
(ශෙහාන් ප්‍රනාන්දු 29, ලක්ෂාන් රොද්‍රිගූ 22, අසෙල් සිගේරා 33, මදුරංග සොයිසා 52, දුලාෂ් මිහිරංග නොදැවී 136, සුජාන් මයුර නොදැවි 76, පසිඳු මදුශාන් 42/3, බසිත් අලී 77/2)

 


අදහස් (0)

දිනකින් නිමාවූ පළමු පෙළ තරගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.