Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
දුවිඳු තිලකරත්නගේ (15/5) විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ජෝන් කීල්ස් පිල අද (19 වැනිදා) සමත්විය. සම්පත් බැංකු පිලට එරෙහිව සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් පිලට හැකිවිය.
උදෑසන පැවැති වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර එක් ඉනිමක ඕවර 25 කට සීමා කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සම්පත් බැංකු පිලට ඕවර 25 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 114 ක් පමණි.
සහන් ආරච්චිගේ පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 42 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ට සාර්ථක විමට ජෝන් කීල්ස් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දුවිඳු තිලකරත්න ඕවර 5 ක් යවමින් ලකුණු 15 කට කඩුලු 5 ක් දවාගනිමින් සම්පත් බැංකු පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ. සචිත ජයතිලක ලකුණු 14 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹාගිය ජෝන් කීල්ස් පිල ඕවර 24.3 කදී කඩුලු 7 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
එහිදී ඉෂාන් ජයරත්න පන්දු 32 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් ලබාගනිමින් ජෝන් කීල්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී 21 වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී ජෝන් කීල්ස් පිල සමගින් මෝඩ් ඉංජිනියර්ස් පිල තරග වැදීමට නියමිතව ඇත.
හේලීස් සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් අතර තවත් අවසන් පූර්ව වටයේ තරගයක් අද තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුනද උදෑසන ඇති වූ වර්ෂාවට ක්‍රීඩාංගණය තෙත බරිත වීම නිසා තරගය පැවැත්වීමට නොහැකි තත්වයක් උදාවීම හේතුවෙන් අතිරේක දිනයක් වූ හෙට (20 වැනිදා) දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සම්පත් බැංකු පිල - ඕවර 25 කදී සියලුදෙනා දැවී 114
(සහන් ආරච්චිගේ 42, දුවිඳු තිලකරත්න 15/5, සචිත ජයතිලක 14/2)
ජෝන් කීල්ස් පිල - ඕවර 24.3 කදී කඩුලු 7 ක් දැවී 118
(ඉෂාන් ජයරත්න නොදැවී 36, සහන් ආරච්චිගේ 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.