Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මල්කි මදාරා ...
අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19 වැනිදා) පැවැති තරග වලදී ජයග්‍රහණ ලබාගැනීමට නාවික හමුදාව, ගුවන් හමුදා ‘ඒ’ සහ ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම් සමත්වූහ.
වර්ෂාව හේතුවෙන් තරග 3 ක ආරම්භය පමාවූ අතර හලාවත මේරියන්ස් සහ යුදහමුදා ‘ඒ’ කණ්ඩායම් අතර තරගය අතහැර දැමීමට සිදුවිය.
කෝල්ට්ස් පිලේ කෞෂිණි නුත්‍යාංගා සහ ගුවන් හමුදා ‘බී’ පිලේ මල්කි මදාරා අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
නාවික හමුදා කණ්ඩායමට කඩුලු 10 ක ජයක්
යුදහමුදා ‘බී’ සහ නාවික හමුදා කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
යුදහමුදා ‘බී’ - ඕවර 22 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 39
(ඉනෝකා රණවීර 04/3, උමේෂ් තිමේෂානී 11/2)
නාවික හමුදාව - ඕවර 10 කදී කිසිවකු නොදැවී 41
(හසිනි පෙරේරා නොදැවී 22)
ගුවන් හමුදා ‘බී’ පිලට කඩුලු 6 ක ජයක්
කෝල්ට්ස් සහ ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් - ඕවර 46 කදී සියලුදෙනා දැවී 146
(කෞෂිණි නුත්‍යාංගා 68, අමාධී විජේසිංහ 21, සඳනි දේද්දුවකුමාර 11/3, ලංකා මෙන්ඩිස් 24/3, ශකිල ප්‍රේමරත්න 17/2)
ගුවන් හමුදා ‘බී’ - කඩුලු 4 ක් දැවී 147
(මල්කි මදාරා 68, හිරුෂි පීරිස් නොදැවී 40)
ගුවන් හමුදා ‘ඒ’ පිලට ලකුණු 27 ක ජයක්
ගුවන් හමුදා ‘ඒ’ සහ සීනිගම කණ්ඩායම් අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදා ‘ඒ’ - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 94
(චමරි පොල්ගම්පොල 23, ඕෂධී රණසිංහ 21, කවීෂ දිල්හාරී 18/3, සචිනි නිසංසලා 15/2)
සීනිගම - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 67
(සචිනි නිසංසලා 24, කවීෂා දිල්හාරී 22, මල්ෂා ශෙහානී 07/3, තාරුකා ශෙහානී 10/2)
හිරුෂි පීරිස් ...
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.