Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු කොටසේ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදාව සමත් විය. නාවික හමුදා කාන්තා කණ්ඩායම මෙවර ශූරතාව දිනාගනු ලැබුවේ පිට පිටම දෙවැනි වරටය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළ සහ නියෝජනය කරන ශෂිකලා සිරිවර්ධන, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉනෝකා රණවීර, හසිනි පෙරේරා, සත්‍යා සංධීපනී, හර්ෂිතා සමරවික්‍රම සහ උදේෂිකා ප්‍රබෝදනී වැනි ක්‍රීඩිකාවෝ නාවික හමුදා කණ්ඩායමට ක්‍රීඩා කළහ.
ලීග් තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ කණ්ඩායම් 8 ක් සහභාගි විය. එහිදී ක්‍රීඩා කළ තරග 7 න් 6 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 6 ක් සමග ලකුණු 30 ක් ලබාගනිමින් නාවික හමුදා ක්‍රීඩිකාවෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.
ඉකුත් අඟහරුවාදා (19 වැනිදා) යුද හමුදා ‘බී’ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කරමින් නාවික හමුදා කණ්ඩායම ශූරතාව තමන් සතුකර ගත්තේය. එදිනම පැවැති තරගයකදී සීනිගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සමත් වුවද, ඔවුන්ට ශූරතාව කරා යෑමට එය ප්‍රමාණවත් නොවීය.
ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායමට මෙවර තරගාවලියේ ශූරතාව අහිමිවූයේ එක් ලකුණකිනි. ඔවුන්ද තරග 7 කට ක්‍රීඩා කර ඉන් තරග 6 ක් ජයගෙන තිබුණද එහිදී ඔවුන්ට හිමිව තිබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5 කි. ඒ අනුව ලකුණු 29 ක් ලබාගත් ගුවන් හමුදා ‘ඒ’ ක්‍රීඩිකාවෝ තරගාවලියේ අනු ශූරතාවට හිමිකම් කීහ.
තරග 7 කට ක්‍රීඩා කරමින් තරග 5 ක් ජයගෙන, තරගයක් පරාජය වී, සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගත් යුද හමුදා ‘ඒ’ කාණ්ඩායම ප්‍රසාද ලකුණු 3 ක් සමග ලකුණු 25 ක් ලබා මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.