Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic පන්දු යවන්නෝ ඒස් කැපිටල් අවසන් තරගයට ගෙන යති
අන්තර් සමාජ පළමු පෙළ

පන්දු යවන්නෝ ඒස් කැපිටල් අවසන් තරගයට ගෙන යති

editorial - 2024 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ ඊයේ (8 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මූවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 98 ක පහසු ජයක් වාර්තා කරමිනි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 223 ක ඉලක්කයක් හඹාගිය මූවර්ස් කණ්ඩායමට ඕවර 25.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සිතුම් දිසානායක ලකුණු 40 කට කඩුලු 4 ක් දවාගත් අතර මූවර්ස් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නිම්සර අතරගල්ල ලකුණු 33 කට කඩුලු 3 ක් බිඳහෙළීය. 

මූවර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පසිඳු සූරියබණ්ඩාර පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය. එහෙත් සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. පිතිකරුවන් 5 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත්ව යෑමටද ඔවුන්ට විශාල පාඩුවක් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඒස් කැපිටල් කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 222 ක් ලබාගත් අතර සම්මු අශාන් (62) සහ වනුජ සහන් (60) අර්ධ ශතක ලබාගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහිදී පන්දු 87 කට මුහුණදුන් සම්මු හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 62 කදී වාර්තා වූ වනුජගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. 

ඒස් කැපිටල් කණ්ඩායමේ නායක තනුක දාබරේ පන්දු 42 කින් ලකුණු 43 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ධනුෂ්ක උදාර සිය ඕවර 10 ලකුණු 39 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර පසිඳු සූරියබණ්ඩාර සහ නායක රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 


ඒම් කැපිටල් සමාජය - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 222 
(තනුක දාබරේ 43, සම්මු අෂාන් 62, වනුජ සහන් 60, ධනුෂ්ක උදාර 39/4, පසිඳු සූරියබණ්ඩාර 40/2, රමේෂ් මෙන්ඩිස් 40/2) 

මූවර්ස් ක්‍රීඩා සමාජය - ඕවර 25.4 කදී සියලු දෙනා දැවී 124 
(සොහාන් ඩි’ ලිවේරා 21, පසිඳු සූරියබණ්ඩාර 43, රමේෂ් මෙන්ඩිස් 16, රෙහාන් සංජය 16, සිතුම් දිසානායක 40/4, නිම්සර අතරගල්ල 33/3)


අදහස් (0)

පන්දු යවන්නෝ ඒස් කැපිටල් අවසන් තරගයට ගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.