Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic පිතිකරුවෝ සූරියවැවදී ලකුණු සැණකෙළියේ යති
එන්.එස්.එල් 2025

පිතිකරුවෝ සූරියවැවදී ලකුණු සැණකෙළියේ යති

editorial - 2025 මාර් මස 16 252 Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එන්.එස්.එල්. තරගාවලියේ සමාරම්භක තරග දෙකින් එකකදී සූරියවැව ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම තම අණසකට ගත් පිතිකරුවෝ දින හතරක් පුරා ලකුණු සැණකෙළියේ ගියහ. ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර පැවැති මෙම තරගයේ අවසන් දිනය වූ අද (16 වැනිදා) තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
 
දින හතරක් පුරා ලකුණු 1221 ක් වාර්තා වූ තරගයේදී පිතිකරුවෝ සිව් දෙනෙක් ශතක ලබාගත්හ.  තරගය අවසන් වූයේ ගාල්ල කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර තම 11 වැනි පළමු පෙළ ශතකය වාර්තා කිරීමෙනි. තරගය නතර කරන විට ගාල්ල කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 269 ක් ලබා සිටියේය. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් මුල් ඉනිමේ ජයග්‍රහණය අත්කරගැනීම නිසා ගාල්ල පිලට ප්‍රසාද ලකුණු 10.673 ක් හිමිවිය. 

ගාල්ල දෙවැනි ඉනිමේදී තුන්වැනි කඩුල්ල බිඳ වැටුණු පසු පසිඳු සූරියබණ්ඩාර සහ සධීර සමරවික්‍රම දෙදෙනා පිටිය මැද එක්වූහ. ලකුණු 133 ක සම්බන්ධතාවකට පසුව සධීර සමරවික්‍රම දැවී ගියත් දිගු කලකට පසුව පිත්තෙන් සාර්ථක දස්කම් පෙන්වූ සධීර, මෙම තරගයේදී පිට පිටම දෙවැනි අර්ධ ශතකයත් ලබගත්තේය. පන්දු 203 කින් සිය ශතකයට අවතිර්ණ වූ පසිඳු සූරියබණ්ඩාරගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය. 


ගාල්ල - පළමු ඉනිම කඩුලු 9 ට 602 යි
(ඕෂධ ප්‍රනාන්දු 57, නිපුන් ධනංජය 137, දිනේෂ් චන්දිමාල් 31, සධීර සමරවික්‍රම 78, දුනිත් වෙල්ලාලගේ 38, රමේෂ් මෙන්ඩිස් 122, නිසල තාරක 13, දිලුම් සුධීර නොදැවී 80, ඩිල්ෂාන් මධුශංක නොදැවී 21, චමිඳු වික්‍රමසිංහ 90/3, රවිඳු ප්‍රනාන්දු 121/2, නුවනිඳු ප්‍රනාන්දු 59/2)

මහනුවර - පළමු ඉනිම 350 යි
(ළහිරු උදාර 38, කමිල් මිෂාර නොදැවී 158, නුවනිඳු ප්‍රනාන්දු 51, සොහාන් ද ලිවේරා 60, ඩිල්ෂාන් මධුශංක 72/2, මිලාන් රත්නායක 65/4, දුනිත් වෙල්ලාලගේ 37/2)

ගාල්ල - දෙවැනි ඉනිම කඩුලු 5 ට 269 යි
(ඕෂධ ප්‍රනාන්දු 18, නිපුන් ධනංජය 63, දිනේෂ් චන්දිමාල් 11, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 102, සධීර සමරවික්‍රම 60, රවිඳු ප්‍රනාන්දු 87/2, සහන් ආරච්චිගේ 35/2)


අදහස් (0)

පිතිකරුවෝ සූරියවැවදී ලකුණු සැණකෙළියේ යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.