Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට දිස්ත්‍රික්කයට එරෙහිව 22 වැනිදා බදුල්ලේදී පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බදුල්ල දිස්ත්‍රික්කය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 83 ක ඉලක්කයක් හඹාගිය බදුල්ල දිස්ත්‍රික්කය ඕවර 18 ක් අවසානයේ ඉලක්කය සපුරා ගත්තේය. ගිම්හාන් කේෂර හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 39 ක්ද, කුෂාන් හර්ෂන හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් හම්බන්තොට දිස්ත්‍රික්කයට ඕවර 28.4 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 82 ක් පමණි. එහිදී චතුම් ලක්ප්‍රිය ලකුණු 15 කට කඩුලු 3 ක්ද, නික්ෂ පෙරේරා ලකුණු 17 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් හම්බන්තොට දිස්ත්‍රික් ඉනිම සුනුවිසුණු කර දැමූහ.
හම්බන්තොට දිස්ත්‍රික්කය - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 82
(අදිත අභිලාෂ් 30, චතුම් ලක්ප්‍රිය 15/3, නික්ෂ පෙරේරා 17/3, එස්. කබිලේෂ්වරන් 27/2)
බදුල්ල දිස්ත්‍රික්කය - ඕවර 18 කදී කඩුලු 2 ක් දැවී 83
(ගිම්හාන් කේෂර නොදැවී 39, කුෂාන් හර්ෂන නොදැවී 27, ඔෂේන් තේනුක 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.