Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ටෙස්ට් වේග පන්දු යවන්නා වන ළහිරු කුමාර පන්දු 15 ක් ඇතුළත කඩුලු 5 ක් දවාගත් නමුත් ඒ වන විටත් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ තමන්ට අවශ්‍ය ඉසව්වට ළඟා වී සිටියහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ (පළමු පෙළ) තරගාවලියේ අවසන් මහ තරගයේ දෙවැනි දිනය වූ අද (06 වැනිදා) බලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 508 ක් ලබාගත්තේය.
රොන් චන්ද්‍රගුප්ත ලබාගත් අති විශිෂ්ට ද්විත්ව ශතකයත් (237) අසිත වන්නිනායක (96) සහ ළහිරු මධුශංකගේ (55) වගකීම් සහගත පිතිහරඹයත් නිසා බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවෝ ලකුණු 500 කඩඉම පසුකර ගියහ.
බ්ලුම්ෆීල්ඩ් පිලේ අරමුණ වූයේ තරගයෙන් පරාජය නොවන ස්ථානයකට ගොඩවැදීමයි. ඒ සඳහා ඔව්හු සම්පූර්ණ දින දෙකක්ම පන්දුවට පහර දෙමින් හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් තමන් වෙත එක්කාසුකර ගැනීමට උත්සුක වූහ. තුන්දින පළමු පෙළ තරගාවලියේ අවසන් මහ තරගය සිව්දින තරගයකි. මෙම තරගයේදී සම්පූර්ණ විසඳුමක් නොලැබුණොත්, මුල් ඉනිමේ ජයග්‍රාහකයන්ට ශූරතාව පිරිනැමේ.
තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන මුදල් ත්‍යාගය රුපියල් ලක්‍ෂ 35 කි. අනුශූරයන්ට හිමි මුදල් ත්‍යාගය රුපියල් ලක්‍ෂ 25 කි.
ළහිරු මධුශංක දැවී යාමට පෙර බ්ලූම්ෆීල්ඩ් ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 4 ට 492 ක් ලෙසිනි. ඒ වන විටත් චන්ද්‍රගුප්ත පිටියේ සිටි අතර පිතිකරුවන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 94 ක් විය. අසෙල් සිගේරාගේ පන්දුවකින් ළහිරු මධුශංක දැවී යාමෙන් පසුව ළහිරු කුමාර වැඩ ඇල්ලුවේය. අවසන් කඩුලු හයම ලකුණු 16 ක් ඇතුළත බිඳ වැටිණ.
සම්පූර්ණ දින දෙකකට ඉතාම ආසන්න කාලයක්, එනම් පැය 12 කට ආසන්න කාලයක් සිය කඩුල්ල ආරක්‍ෂා කරගත් වමත් පිතිකරුවා පන්දු 493 කට මුහුණ දෙමින් ලකුණු 237 ක් ලබාගත්තේ හතරේ පහර 20 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කරමිනි. ළහිරු කුමාරගේ අවසන් ප්‍රහාරයේදී මුලින්ම දැවි ගියේ ද චන්ද්‍රගුප්තය. ඒ වන විටත් ලකුණු සංඛ්‍යාව 496 ක් විය.
තරගාවලියෙ දක්‍ෂතම පිතිකරුවා සහ දක්‍ෂතම පන්දු යවන්නාට රුපියල් ලක්‍ෂ 10 ක් බැගින් පිරිනැමෙන අතර තරගාවලියේ වීරයාට හිමි මුදල් ත්‍යාගය රුපියල් ලක්‍ෂ 15 කි.
අවසන් මහ තරගයේ වීරයාට රුපියල් ලක්‍ෂ හත හමාරකි.
බ්ලූම්ෆීල්ඩ් - පළමු ඉනිම සියලු දෙනා දැවී 508 යි
(හසිත බෝයගොඩ 52, රොන් චන්ද්‍රගුප්ත 237, අසිත වන්නිනායක 96, නිපුන් කරුණානායක 37, ළහිරු මධුශංක 55, ළහිරු කුමාර 87/6, අෂියන් ඩැනියෙල් 93/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.