Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic බ්ලූම්ෆීල්ඩ් පිලට ලකුණු 61 ක ජයක්
අන්තර් සමාජ

බ්ලූම්ෆීල්ඩ් පිලට ලකුණු 61 ක ජයක්

editorial - 2025 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය පොලිස් ක්‍රීඩකයන්ට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි. පළමු ඉනිමේදී ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත් රවිඳු ප්‍රනාන්දු, දෙවැනි ඉනිමේදීද ලකුණු 73 කට කඩුලු 5 ක් බිඳහෙළමින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

මෙම තරගයේදී පොලිස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ නලින් ප්‍රියදර්ශන ලකුණු 138 කට කඩුලු 8 ක්ද, දිලුම් සුදීර ලකුණු 107 කට කඩුලු 7 ක්ද දවාගැනීමට සමත් වූහ. 


බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 216
(රොන් චන්ද්‍රගුප්ත 40, මිනෙත් ප්‍රේමරත්න 49, ළහිරු මධුෂංක 26, ඉසිත විජේසුන්දර 54, දිලුම් සුදීර 80/5, නලින් ප්‍රියදර්ශන 80/3) 

පොලිස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 112 
(සංගීත් ෂෙහාර 20, නදීර බාලසූරිය 49, රවිඳු ප්‍රනාන්දු 33/4, සහන් නානායක්කාර 22/2, ඉසිත විජේසුන්දර 26/2) 

බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 127 
(ළහිරු මධුෂංක 42, ඉසිත විජේසුන්දර 30, නලින් ප්‍රියදර්ශන 58/6, දිලුම් සුදීර 27/2)
 
පොලිස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 170
(නදීර බාලසූරිය 47, රවිඳු ප්‍රනාන්දු 73/5, ඉසිත විජේසුන්දර 22/3) 

 


අදහස් (0)

බ්ලූම්ෆීල්ඩ් පිලට ලකුණු 61 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.