Last Update  :  2025-03-14 11:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic බී.ආර්.සී. ක්‍රීඩකයෝ ජය සොයා යති

බී.ආර්.සී. ක්‍රීඩකයෝ ජය සොයා යති

editorial - 2025 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ මහනුවර රේගු ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය සොයා යමින් සිටි බී.ආර්.සී. ක්‍රීඩා සමාජය දෙවැනි දිනය නිමාවට පත්වන විට කඩුලු 7 ක් අතැතිව ජයග්‍රහණය සඳහා ලකුණු 131 ක් පසුපසින් සිටියේය. 

ලකුණු 269 ක ඉලක්කයක් හඹා යමින් සිටි බී.ආර්.සී. ක්‍රීඩකයෝ දෙවැනි දිනය වූ ඊයේ (21 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 51 ක් ලබා සිටියහ. ඒ වන විට රෙෂේන් සිල්වා ලකුණු 7 ක්ද, චමික හීනටිගල ලකුණු 8 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර රේගු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 131 ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් බී.ආර්.සී. කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 218 ක් ලබාගත්තේය. 

දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ සහන් කෝසල (70) සහ රොස්කො තටීල් (88) අර්ධ ශතක ලබමින් මහනුවර රේගු කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 268 ක් කරා ඔසවා තැබූහ. එහිදී කෝසලගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින්ද, තටීල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 8 කින්ද සමන්විත විය. 

මහනුවර රේගු පළමු ඉනිම - සියලු දෙනා දැවී 131 
(ෂෙහාන් ප්‍රනාන්දු 33, සහන් කෝසල 21, රොස්කො තටීල් 33, ඉමේෂ් උදයංග 21, මොහොමඩ් සිරාස් 37/5, මොවින් සුබසිංහ 18/2, මාලින්ද පුෂ්පකුමාර 43/2) 

බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 218 
(නවිඳු නිර්මාල් 38, රිසිර වීරසූරිය 23, රෙෂේන් සිල්වා 18, දිනුර අබේවික්‍රමසිංහ 38, චාමික හීනටිගල නොදැවී 38, බුද්ධික සංජීව 48/4, සචිත්‍ර පෙරේරා 50/3) 

මහනුවර රේගු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 268 
(ඉමාල් ලියනගේ 16, සහන් කෝසල 70, රොස්කො තටීල් 88, ඉමේෂ් උදයංග 44, මොවුන් සුබසිංහ 65/4, මාලින්ද පුෂ්පකුමාර 85/3, මොහොමඩ් සිරාස් 42/2) 

බී.ආර්.සී. දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 51 

 


අදහස් (0)

බී.ආර්.සී. ක්‍රීඩකයෝ ජය සොයා යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.