Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම හමුවේ පළමු දිනයේ සියලු ගෞරව දිනා ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත්ව සිටිති. අන්තර් ක්‍රීඩා සමාජ (පළමු පෙළ) තරගාවලියේ තරගයක් වන මෙම තරගයේ පළමු දිනය වූ අද (31 වැනිදා) වර්ෂාව නිසා තරගය නතර කරන විට මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 3 ක් දැවී ලකුණු 277 ක් ලබා සිටියහ.
ජනිෂ්ක පෙරේරා (87), ලසිත් අබේරත්න (නොදැවී 68) සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 58) මුවර්ස් පිල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ. ලසිත් අබේරත්න සහ පසිඳු සූරියබණ්ඩාර අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පවතින අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 95 කි.
මුවර්ස් පිතිකරුවන් පාලනය කරගැනීම සඳහා එස්.එස්.සී. නායක චරිත් අසලංක පන්දු යවන්නන් හත් දෙනකු යොදවා ගත් නමුත් කඩුලු දවාගැනීමට සමත් වූයේ නායකයාත්, ප්‍රමෝද් මධුෂාන් සහ කවිඳු නදීෂාන් පමණි.
අන්තර් ක්‍රීඩා සමාජ (පළමු පෙළ) තරගාවලියේදී මේ දක්වා තරග 5 කට සහභාගි වී ඇතත් එස්.එස්.සී. පිල තවමත් සිය පළමු වැනි ජයග්‍රහණය සොයමින් සිටී. තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙයන් තරග කරන සිංහල ක්‍රීඩා සමාජය මේ වන විට ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පතුලටම වැටී සිටී.
ලබන වසරේදී පළමු පෙළ තත්ත්වය නොමැති ‘බී’ තලයේ තරගාවලියට නොවැටී සිටීමට නම් එස්.එස්.සී. පිලට වත්මන් පළමු පෙළ තරගාවලියේ ඉතිරිව ඇති තරග තුනේදී අඩුම තරමේ පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් හෝ අවශ්‍ය වී තිබේ.
තුන්දින තරගාවලියක් වන පළමු පෙළ තරගාවලියේ තරග හෙට සහ අනිද්දාත් පැවැත්වෙයි.
මුවර්ස් ක්‍රීඩා සමාජය - ඕවර 75.4 කදී කඩුලු 3 ට 277 යි
(ජනිෂ්ක පෙරේරා 87, සොහාන් ද ලිවේරා 36, කවිඳු කුලසේකර 12, ලසිත් අබේරත්න නොදැවී 68, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 58,)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.