Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic වෙස්ටන් වොරියර්ස් අවසන් මහ තරගයට

වෙස්ටන් වොරියර්ස් අවසන් මහ තරගයට

editorial - 2021 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

“යුද හමුදාපති ලීග් විස්සයි20” තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට තිසර පෙරේරා නායකත්වය දරන වෙස්ටන් වොරියර්ස් පිල සමත්විය. දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති වෙස්ටන් වොරියර්ස් සහ සදර්න් වොරියර්ස් කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

කාසියේ වාසිය දිනාගත් සදර්න් වොරියර්ස් පිලේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීම සඳහා වෙස්ටන් වොරියර්ස් පිලට ආරාධනා කළ අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඔව්න් ඕවර 9 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 93 ක් රැස්කිරිමට සමත්වූහ. වරින් වර ඇතිවූ වර්ෂාව හේතුවෙන් වෙස්ටන් වොරියර්ස් ඉනිම අවස්ථා කිහිපයකදී නතර කිරීමට සිදුවිය.

ඩිල්ෂාන් මුණවීර පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 44 ක් සහ උපුල් තරංග පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 51 කදී ලකුණු 87 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගූහ.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා සදර්න් වොරියර්ස් පිලට ඕවර 9 කදී ලකුණු 112 ක ඉලක්කයක් හිමිවිය. ඒ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිටි සදර්න් වොරියර්ස් පිලට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නම් ඕවර 6 කදී ඉලක්කය පසුකර යමින් දළ ලකුණු ලබාගැනීමේ වේගය වෙස්ටන් වොරියර්ස් පිල අභිබවා යායුතුව තිබුණි.

නායක දිනේෂ් චන්දිමාල් වේගවත් ආරම්භයක් ලබාගත්තද නැවතත් වර්ෂාව හරස්වීම හේතුවෙන් ඕවර 2.5 කදී තරගය නතර කිරීමට සිදුවූ අතර ඒ වනවිට සදර්න් වොරියර්ස් පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 46 ක් රැස්කර තිබුණි.

දිනේෂ් චන්දිමාල් පන්දු 12 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 39 ක් රැස්කිරීමට සමත්විය.

වෙස්ටන් වොරියර්ස් සහ නොදර්න් වොරියස් කණ්ඩායම් අතර අවසන් මහ තරගය හෙට (6 වැනිදා) දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

වෙස්ටන් වොරියර්ස් - ඕවර 9 කදී කඩුලු 2 ක් දැවී 93
(ඩිල්ෂාන් මුණවීර 44, උපුල් තරංග 40, ජනිත් ද සිල්වා 18/2)

සදර්න් වොරියර්ස් - ඕවර 2.5 කදී කඩුල්ලක් දැවී 46
(දිනේෂ් චන්දිමාල් නොදැවී 39, මහේෂ් තීක්‍ෂණ 05/1)


අදහස් (0)

වෙස්ටන් වොරියර්ස් අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.