Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සැමටම හැමතැනම පාපන්දු සංකල්පය යටතේ වසර 2020 ඉලක්ක කොට ගෙන පුළුල් පාපන්දු සංවර්ධන සැලැස්මක් ගම් මට්ටමේ සිට ජාතික තලය දක්වා ක්‍රියාත්මක කිරීමට තමා ප්‍රමුඛ කණ්ඩායම සකස් කර ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2017 සභාපති ධූර අපේක්ෂකයෙකු වන හිටපු සභාපති අනුර ද සිල්වා මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර තරග නියෝජනය කළ පමණින් රටක පාපන්දු ක්‍රීඩාව දියුණු කළ නොහැකි බව පෙන්වා දෙන අනුර ද සිල්වා මහතා ගමේ පාපන්දු ක්‍රීඩාව, පාසලේ පාපන්දු ක්‍රීඩාව, ක්‍රීඩා සමාජයේ පාපන්දු ක්‍රීඩාව දියුණු වූ විට නිරන්තරයෙන්ම රටේ පන්දුව සංවර්ධනය වී ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කරා යා හැකි බව කියයි.
ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති සහ ජාතික කණ්ඩායමේ නායකත්වය දරා ඇති අනුර ද සිල්වා මහතා මෙවර පාපන්දු හරහා තරග කිරීමට ගත් තීරණය සහ ඔහුගේ පාර්ශවය හඳුන්වාදීම නිමිත්තෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පාපන්දු ඉදිරි ගමන සම්බන්ධව ඉහත අදහස් පල කළේය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2017 නිලවරණය ලබන ජූලි 1 දා පැවැත්වේ.
ගත වූ වසර දෙකක කාලයේ ද තමා පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි ගමන සඳහා විශාල සංවර්ධන සැලැස්මක් සකස් කර තිබූ නමුදු එය ක්‍රියාත්මක කිරීමට විවිධ බාධා ඇති වූ බව සිල්වා මහතා පැවසීය. එයට මූල්‍ය ප්‍රශ්න තදින් බලපෑ බවද ඔහු පැවසීය.
“ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අනුබද්ධ ලීග 63 ක් ක්‍රියාත්මක වෙනවා. ඉන් ලීග 49ක සහයෝගය තමා ඇතුළු තම කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට දැනටමත් එකඟතාවය පල කර තිබෙනවා. ඒ අනුව අපේ ජයග්‍රහණය ස්ථිර” යයි අනුර ද සිල්වා මහතා පැවසීය.
අනුර ද සිල්වා මහතා අනුව පාර්ශවය පාපන්දු ඉදිරි ගමන ඉලක්ක කර ගෙන පුළුල් සැලැස්මක් සකස් කර ඇති අතර එම සැලැසුම් කෙටියෙන් පහත දැක්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.