Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අපේක්‍ෂා ආරක්‍ෂාකළ බ්‍රසීලය දෙවැනි වටයට

අපේක්‍ෂා ආරක්‍ෂාකළ බ්‍රසීලය දෙවැනි වටයට

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයට යාමේ අරමුණ ඇතිව සර්බියාව සමග ඉතා පරිස්සමින් කළ තරගය ගෝල 2-0 කින් ජයගත් බ්‍රසීලය පිට පිට 13 වැනි වතාවටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනා අතරට එක්විය. ඊයේ පැවැති තවත් තරගයකදී වත්මන් ලෝක ශූරයන් වන ජර්මනිය දකුණු කොරියාව හමුවේ ලැබූ අදහාගත නොහැකි පරාජයෙන් පසු ගෙදර ගිය බැවින් මෙවර ලෝක කුසලානය හඹා යන කණ්ඩායම් අතර බහුතර තේරීම බවට බ්‍රසීලය බවට පත්ව සිටී. 

අවසන් වරට පැවැති පාපන්දු ලෝක කුසලාන තරගමාලා 13 දීම පිළිමළුන් පිටුදැකීමේ දෙවැනි වටයට පිවිසීමට බ්‍රසීලය සමත්වූයේ වසර 1970 සිටය. දශක පහක කාලයක් පුරා අඛණ්ඩව මේ කීර්තිය රැකගැනීමට බ්‍රසීලයට මං විවර වූයේ 36 වැනි මිනිත්තුවේදී පොලිනෝ ලබාගත් ගෝලයත් සමගිනි.  

සර්බියානු ගෝල් රකින වැල්ඩිමීර් ස්ටොජ්කොවික්ගේ හිසට ඉහළින් අතිවිශිෂ්ට අයුරින් පන්දුව දැල තුළට යැවූ පොලිනෝ සිය කණ්ඩායමට සැනසිල්ලක් ගෙන දුන්නේය.

මොස්කව් නුවර ඔක්රිටියා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ පළමු භාගය ගෝල 1-0 කින් පෙරමුණ ගත් බ්‍රසීලය දෙවැනි භාගයේ ආරම්භයේ සිට මිනිත්තු 15 ක් පුරා දෙගිඩියාවට පත් කිරිමට සර්බියානු ක්‍රීඩකයෝ සමත්වූහ. සර්බියාවේ ප්‍රබල ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් මිට්රෝවික් දෙවතාවක්ම ගෝලයක් ලබාගැනීමට ගත් උත්සාහය අපතේ ගියේය. බ්‍රසීල ආරක්ෂක ක්‍රීඩක මිරැන්ඩා අභිබවා පන්දුව ගෙන යමින් ගැසූ වේගවත් පහරත්, ඊට සුළු වේලාවකට පසුව බ්‍රසීල ගෝල රකින ඇලිසන් අන්ද මන්ද කරමින් හිසින් ගැසූ පහරත් ගෝල බවට පත්වූවා නම් කතාව වෙනස් වීමට ඉඩ තිබිණි.

බ්‍රසීලය සහනයක් ලැබුවේ 68 වැනි මිනිත්තුවේදී තියාගෝ සිල්වා ලබාගත් ගෝලයෙනි. ඔහුගේ ගෝලයෙන් පසුව සර්බියාවට හිස එසැවීමට බ්‍රසීලය ඉඩ දුන්නේම නැත. 

එම ජයග්‍රහණයත් සමග ‘ඊ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට බ්‍රසීලය සමත්වූයේ ප්‍රසාද ලකුණු 7 කුත් සමගය. බ්‍රසීලය අද සමාරා නුවර බලා යන්නේ ලබන සඳුදා පැවැත්වෙන ඔවුන්ගේ දෙවැනි වටයේ තීරණාත්මක තරගයට සූදානම් වීමේ අරමුණ ඇතිවය 

- 077


අදහස් (0)

අපේක්‍ෂා ආරක්‍ෂාකළ බ්‍රසීලය දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.