Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම, 11 වැනි වරත් සංවිධානය කරන ජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (1 වැනිදා) කොළඹ සිටි ලීග පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අර්ධ අවසන් පූර්ව වටයේදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව කළුතර මුස්ලිම් මැදි විදුහලත්, කොටහේන ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව කොළඹ වෙස්ලි විදුහලත්, මරදාන සහිරා විදුහලට එරෙහිව කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලත්, කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලට එරෙහිව කොළඹ ඉසිපතන විදුහලත් තරග බිමට පිවිසෙනු ඇත.
මාරිස්ටෙලා විදුහල සහ මුස්ලිම් මැදි විදුහල අතර තරගය හෙට පෙරවරු 8.30 ටත්, ශාන්ත බෙනඩික් විදුහල සහ වෙස්ලි විදුහල අතර තරගය පෙරවරු 10.00 ටත්, සහිරා විදුහල සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර තරගය මධ්‍යහන 12.00 ටත්, හමීඞ් අල් හුසේනි විදුහල සහ ඉසිපතන විදුහල අතර තරගය පස්වරු 4.00 ටත් ආරම්භ වීමට නියමිතය.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට මාරිස්ටෙලා, ශාන්ත බෙනඩික් සහ හමීඞ් අල් හුසේනි යන විදුහල් සමත් විය. එහිදී ගම්පොළ සහිරා විදුහල ගෝල 4-0 කින් පරාජය කිරීමට මාරිස්ටෙලා විදුහලත්, කොළඹ තර්ස්ටන් විදුහල ගෝල 4-0 කින් පරාජය කිරීමට ශාන්ත බෙනඩික් විදුහලත්, කොළඹ ලුම්බිණි විදුහල ගෝල 7-0 කින් පරාජය කිරීමට හමීඞ් අල් හුසේනි විදුහලත් සමත් විය.
තරගාවලියේ අවසන් පූර්ව තරග මේ මස 4 වැනිදා පස්වරු 2.30 ට සහ පස්වරු 4.00 ටත්, අවසන් මහ තරගය 18 වැනිදා පස්වරු 5.00 ටත් කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ වීමට නියමිතය.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල
■ මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් ගෝල 4-0 ක් ලෙස ගම්පොළ සහිරා විදුහල පරාජය කරන ලදි.
■ කළුතර මුස්ලිම් විදුහල විසින් ගෝල 1-0 ක් ලෙස කොළඹ ටී.බී.ජයා විදුහල පරාජය කරන ලදි.
■ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල විසින් ගෝල 4-0 ක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ වෙස්ලි විදුහල විසින් දඬුවම් පහර 4-2 ක් ලෙස ලෙස කොළඹ නාලන්දා විදුහල පරාජය කරන ලදි.
■ ගේට්වේ ජාත්‍යන්තර පාසල විසින් දඬුවම් පහර 5-4 ක් ලෙස කොළඹ ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි.
■ මරදාන සහිරා විදුහල විසින් ගෝල 4-3 ක් ලෙස කඳාන මැසිනොද් විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ ඉසිපතන විදුහල විසින් දඬුවම් පහර 3-2 ක් ලෙස කොළඹ හින්දු විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල විසින් ගෝල 7-0 ක් ලෙස කොළඹ ලුම්බිණි විදුහල පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.