Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අවසන් පූර්ව වටයේ තරග ඉරිදා

අවසන් පූර්ව වටයේ තරග ඉරිදා

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොටහේන ශාන්ත බෙනඩික්, මීගමුව මාරිස්ටෙලා, මරදාන සහිරා සහ කොළඹ හමීඞ් අල් හුසේනි යන විදුහල් සමත් විය.

තරගාවලියේ අවසන් පූර්ව තරග අනිද්දා (4 වැනිදා) පැවැත්වෙන අතර එහිදී සහිරා විදුහලට එරෙහිව මාරිස්ටෙලා විදුහලත්, හමීඞ් අල් හුසේනි විදුහලට එරෙහිව ශාන්ත බෙනඩික් විදුහලත් තරග වදිනු ඇත. එම තරග දෙක පිළිවෙලින් අනිද්දා පස්වරු 2.30 ට සහ පස්වරු 4.00 ට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ සිටි ලීග පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමින් ශාන්ත බෙනඩික් විදුහලද, කළුතර මුස්ලිම් විදුහල පරාජය කරමින් මීගමුව මාරිස්ටෙලා විදුහලද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. මරදාන සහිරා සහ හමීඞ් අල් හුසේනි විදුහල් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී පිළිවෙලින් ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ කොළඹ ඉසිපතන විදුහල පරාජය කරමිනි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී ගෝල ද්විත්වයක් ලබාගැනීමට සහිරා විදුහලේ මොහොමඞ් හම්මද් සමත් විය. සහිරා විදුහලේ එච්.ආර්. රාසා, හමීඞ් අල් හුසේනි විදුහලේ මොහොමඞ් රිස්හාන්, එස්.කේ. අබිෂායන් සහ මාර්ස්ටෙලා විදුහලේ ඩබ්ලිව්.ආර්. නිෂෝධ ගෝලය බැගින් ලබාගත්හ.

කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම, 11 වැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කරන අතර ඔක්ස්ෆර්ඞ් ව්‍යාපාර සමූහය එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.


අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල

■    කොටහේන ශාන්ත බෙනඩික් විදුහල විසින් දඬුවම් පහර 4-3 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරන ලදි.
■    මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් ගෝල 1-0 ක් ලෙස කළුතර මුස්ලිම් විදුහල පරාජය කරන ලදි.
■    මරදාන සහිරා විදුහල විසින් ගෝල 3-0 ක් ලෙස ගේට්වේ ජාත්‍යන්තර පාසල පරාජය කරන ලදි.
■    කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල විසින් ගෝල 2-0 ක් ලෙස කොළඹ ඉසිපතන විදුහල පරාජය කරන ලදි.

 

 

 


අදහස් (0)

අවසන් පූර්ව වටයේ තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.