Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අවසන් සටනට කොළඹ - මීගමුව

අවසන් සටනට කොළඹ - මීගමුව

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන කොරියා - ශ්‍රී ලංකා සහයෝගිතා අන්තර් ලීග් වයස 19 න් පහළ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට හෙට (8) පස්වරු 3.30 ට කොළඹ සී.ආර්. පිටියේදී පැවැත්වේ. මේ තරගය පැවැත්වෙන්නේ කොළඹ සිටි ලීග කණ්ඩායම සහ මීගමුව ලීග කණ්ඩායම අතරය.


පසුගිය වසරේ ශූරතාව දිනාගත් යාපනය කණ්ඩායම මෙන්ම අනුශූරයන් වු මහනුවර කණ්ඩායම ද මෙවර තරගාවලියේ මුලික වටයෙන්ම ඉවතට විසි විය. තරගාවලියට ලීග කණ්ඩායම් 58 ක් සහභාගි විය.


අවසන් පූර්ව වටයේ පැවැති තරග දෙකේදී කොළඹ සිටි ලීග කණ්ඩායම විසින් මාවනැල්ල ලීග කණ්ඩායම ගෝල 10-0 කින් සහ ගෝල 8-0 ක් ලෙස පරදවා දැවැන්ත ජයග්‍රහණ ලබා ගන්නා ලදී.


මීගමුව ලීගය අවසන් පූර්ව වටයේදී මන්නාරම ලීගය සමඟ තරග වැදුණි. එහි පළමු තරගයේදී ගෝල 3-1 කින් මීගමුව ලීගය ජයගත් අතර දෙවැනි තරගය ගෝල 2-2 කට ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.


ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් මෙම තරගාවලිය පසුගිය ජුනි 16 වැනිදා ආරම්භ විය.


මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට තේරුණු කොළඹ ලීග කණ්ඩායම වඩාත් ඉදිරියෙන් පසුවන බවක් පෙනෙන අතර දැන් ආරම්භවී තිබෙන ශූරයන්ගේ ලීග් තරගාවලියට ක්‍රීඩා කරන අෆාම් අක්‍රම් හා එම්. සහිල් මේ දක්‍ෂතාවන්ට විශාල බලපෑමක් කර තිබේ.

එම්. රූමි මහතා එහි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.


මීගමුව කණ්ඩායමේ දිලිප සුරාජ්, ජාතික පාපන්දු කණ්ඩායමට ද ඇතුළත් ක්‍රීඩකයෙකි.


බොනිෆස් පෙරේරා මහතා එහි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. මැක්ෂි ලේටන් හා නිරෝෂන් පෙරේරා යන මහත්වරු දෙපිලේ සහාය කළමනාකරුවෝ වෙති. එම්.අයි. මුතාලිෆ් සිටි ලීග කණ්ඩායමේ කළමනාකරු ලෙසත් ලාල් පීරිස් මහතා මීගමුව ලීග කණ්ඩායමේ කළමනාකරු ලෙසත් කටයුතු කරයි.

 

කොළඹ සිටි ලීග කණ්ඩායම

 


මීගමුව ලීග කණ්ඩායම

 


අදහස් (0)

අවසන් සටනට කොළඹ - මීගමුව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.