Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අවසානය පෙනී ඇමරිකාව ජයගනී

අවසානය පෙනී ඇමරිකාව ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්ලින්ට් ඩිම්සි ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ වේගවත්ම පස්වැනි ගෝලය ලබාගැනීමත්, ජෝන් බෘක් හිසින් ගැසූ පහරකින් ලබාගත් ගෝලයත් හේතුවෙන් ඊයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගයකදී ඝානා කණ්ඩායම පරදවා ගෝල් 2-1 ක ජයක් වාර්තා කිරීමට අමෙරිකාව සමත්විය.

‘ජී‘ කාණ්ඩය යටතේ පැවැති මේ තරගයේ පළමු මිනිත්තුවේ දීම ජෙරමින් ජෝන්ස් ගෙන් ලැබුණු පන්දුව තත්පර 29 ක් ඇතුළත ගෝලයක් බවට පත් කරමින් ඝානාවේ ක්‍රීඩකයන් අන්ද මන්ද කිරීමට ඩිම්සි  සමත්විය. එසේ සාර්ථක ආරම්භයක් ලැබූ අමෙරිකානු කණ්ඩායමට 21වැනි මිනිත්තුවේ දි ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩක ජොසී ඇල්තිඩෝර් ආබාධයකට ලක්වීම බලවත් පාඩුවක් විය. පාදයේ ඇතිවූ ආබාධයක් මත ඔහු තරගයෙන් ඉවත් වූ අතර තරගමාලාවේ ඉතිරිතරගවලට ද ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බැව් පසුව වාර්තා විය.

තරගයේ පළමු භාගයේ ගෝල 1-0කින් පෙරමුණ ගත් අමෙරිකාවට දැඩි අභියෝගයක් එල්ල කළ ඝානාව 82 වැනි මිනිත්තුවේ ඇන්ඩෘ අයිව් එල්ල කළ ගෝලයත් සමග ගෝල 1-1ක් ලෙස ගෝල සංඛ්‍යාව සම තත්ත්වයට පත් කරගත්තේය.

එහෙත් 86 වැනි මිනිත්තුවේ දී අතිරේක ක්‍රීඩක ජෝන් බෘක්ස් තම හිසින් ගැසූ ඉතා අලංකාර පහරකින් ලබාගත් ගෝලයත් සමග තරගයේ වාසිය අමෙරිකාව දෙසට හැරිණි.


අදහස් (0)

අවසානය පෙනී ඇමරිකාව ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.