Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ආජන්ටිනා - කොලොම්බියා අවසන් සටන අනිද්දා
කෝපා ඇමරිකා - 2024

ආජන්ටිනා - කොලොම්බියා අවසන් සටන අනිද්දා

editorial - 2024 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනයේ සංවිධායකත්වයෙන් ඇමරිකාවේදී පැවැත්වෙන කෝපා ඇමරිකා - 2024 ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය ආජන්ටිනාව සහ කොළොම්බියාව අතර මයාමි නුවර හාඞ් රොක් ක්‍රීඩාංගණයේදී අනිද්දා (14 වැනිදා) රාත්‍රී 8.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් 15 වැනිදා අළුයම 5.30 ට) ආරම්භ වේ. 

පළමු අවසන් පූර්ව තරගයේදී කැනඩාවට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කරමින් ආජන්ටිනාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. කොලොම්බියාව අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී උරුගුවේට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කරමිනි. 

ආර්ජන්ටිනාව සහ කැනඩාව අතර පළමු අවසන් පූර්ව තරගය නිව් ජර්සි නුවරදී පැවැති අතර එහි 22 වැනි විනාඩියේදී ආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් ලබාගත් ජූලියන් අල්වාරෙස් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ආවේය. 51 වැනි විනාඩියේදී ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවැනි ගෝලය ලබාගනු ලැබුවේ ලයනල් මෙසී විසිනි. 

උරුගුවේ සහ කොලොම්බියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය චාර්ලට් නුවරදී පැවැති අතර එහිදී වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට කොලොම්බියාවේ ජෙෆර්සන් ලේර්මා සමත් විය. එම තරගයේදී කොලොම්බියාවේ ඩැනියෙල් මුනෝස් සහ උරුගුවේහි ගුයිලේර්මෝ වරෙලා රතු කාඞ්පත් ලබා පිටියෙන් ඉවත්ව ගියහ. 

අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වූ කැනඩාව සහ උරුගුවේ අතර තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගය 13 වැනිදා පස්වරු 8.00 ට චාර්ලට් නුවරදී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් 14 වැනිදා අළුයම 5.30 සිට නැරඹිය හැකිය. 

රටවල් 16 ක සහභාගීත්වයෙන් ක්‍රීඩාංගණ 14 කදී පැවැති මෙම තරගාවලියේදී මේ දක්වා ගෝල 65 ක් වාර්තා වී ඇති අතර ආජන්ටිනාවේ ලෝටරෝ මාර්ටිනස් ගෝල 4 ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම ගෝල ලාභීයා බවට පත්ව සිටියි. 


-036 


අදහස් (0)

ආජන්ටිනා - කොලොම්බියා අවසන් සටන අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.